Posts

Showing posts from July, 2018

Helping Hand අත්වැල - 02 - වත්කම් කළමනාකරණය

Helping Hand (Sri Lanka Accountant Service) By Upali Rajapaksa අත්වැල - පාඩම අංක   02.1  වත්කම් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ පසුබිම  පසුබිම   අද අප භාවිත කරනු ලබන ගිණුම් ක්‍රමය අප වෙත දායාද කෙරුණේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසිනි. සත්‍ය ලෙසම එය පදනම්ව තිබුණේ මුදල් පදනම මතය. ඔබ අප පාසලේදී, විශ්ව විද්‍යාලයේදී, වරලත් ගණකාධිකාරී ඇතුළු වෙනත් වෘත්තිමය ක්‍ෂෙත්‍රයන්හිදී භාවිත කරන ලද්දේ උපචිත පදනමයි. එහිදී අප ඉගෙන ගත්තේ මුල්‍ය ප්‍රකාශන ලෙසට  මුල්‍ය කාර්යසාධන වාර්තාව (නිෂ්පාදන, වෙළඳ හා ලාභ අලාභ ගිණුම) මුල්‍ය තත්ව වාර්තාව (ශේෂ පත්‍රය) සකසන ආකාරයයි. එහෙත් රාජ්‍ය සේවයට බැඳුණ අයෙකුට  මුල්‍ය ප්‍රකාශන ලෙසට හමුවන්නේ විසර්ජන ගිණුමයි. සැබවින්ම එය ගිණුමක්ද? වාර්තාවක්ද? තීරණය ඔබ සතුයි. ඒ තුල අප ශේෂ පත්‍රයක දකින වත්කම් හා වගකීම් තිබුනේ නෑ නේද? ඒ වගේම වත්කම් හා වගකීම් ගිණුම් කිසිවක් අප ලෙජරය තුල දුටුවේ නෑ නේද? ඒ තමයි මුදල් පදනම් ගිනුම්කරණයේ මුලිකම දුර්වලතාවය  ඉතින් ප්‍රශස්ත වත්කම් කළමනාකරණයකට යාමට නම් ගිණුම්කරණ ක්‍රමය මුදල් පදනමේ සිට උප...