Helping Hand අත්වැල - 02 - වත්කම් කළමනාකරණය

Helping Hand (Sri Lanka Accountant Service)

By Upali Rajapaksa


අත්වැල - පාඩම අංක 02.1 වත්කම් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ පසුබිම 

පසුබිම 

අද අප භාවිත කරනු ලබන ගිණුම් ක්‍රමය අප වෙත දායාද කෙරුණේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසිනි. සත්‍ය ලෙසම එය පදනම්ව තිබුණේ මුදල් පදනම මතය. ඔබ අප පාසලේදී, විශ්ව විද්‍යාලයේදී, වරලත් ගණකාධිකාරී ඇතුළු වෙනත් වෘත්තිමය ක්‍ෂෙත්‍රයන්හිදී භාවිත කරන ලද්දේ උපචිත පදනමයි. එහිදී අප ඉගෙන ගත්තේ මුල්‍ය ප්‍රකාශන ලෙසට 
  1. මුල්‍ය කාර්යසාධන වාර්තාව (නිෂ්පාදන, වෙළඳ හා ලාභ අලාභ ගිණුම)
  2. මුල්‍ය තත්ව වාර්තාව (ශේෂ පත්‍රය)
සකසන ආකාරයයි.

එහෙත් රාජ්‍ය සේවයට බැඳුණ අයෙකුට මුල්‍ය ප්‍රකාශන ලෙසට හමුවන්නේ විසර්ජන ගිණුමයි.

සැබවින්ම එය ගිණුමක්ද? වාර්තාවක්ද? තීරණය ඔබ සතුයි.

ඒ තුල අප ශේෂ පත්‍රයක දකින වත්කම් හා වගකීම් තිබුනේ නෑ නේද?

ඒ වගේම වත්කම් හා වගකීම් ගිණුම් කිසිවක් අප ලෙජරය තුල දුටුවේ නෑ නේද?

ඒ තමයි මුදල් පදනම් ගිනුම්කරණයේ මුලිකම දුර්වලතාවය 
ඉතින් ප්‍රශස්ත වත්කම් කළමනාකරණයකට යාමට නම් ගිණුම්කරණ ක්‍රමය මුදල් පදනමේ සිට උපචිත පදනමට අනිවාර්යයෙන්ම මාරු විය යුතු බව ඔබට වැටහෙනවා ඇති.

භාණ්ඩාගාරය මේ තත්වය දන්නේ නැත්ද? හොදටම දන්නවා. උපචිත පදනම කෙසේ වෙතත් රාජ්‍ය සතු වත්කම් ලේඛණගත කර ගැනීමට පසුගිය වසර 25 ක පමණ කාලයක සිට භාණ්ඩාගාරය දැඩි උත්සහයක් දරා තිබෙනවා. ඊටද හේතු තියනවා. ඒ ජාතික ගිණුම්වල මේ නිසා සිදුවන අඩුපාඩු. ජ්‍යාත්‍යන්තර මුල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන අපගේ විසර්ජන ගිණුම සහිත අවසාන ගිණුම් අරමුදල් සැපයීමේ කාර්යයේදී පිළිගන්නේ නෑ. ඊට හේතුව එම ගිණුම තුලින් රාජ්‍යයේ මුල්‍ය තත්වය සත්‍ය හා සාධාරණ ලෙස පිළිබිඹු නොවන නිසා. (වත්කම් හා වගකීම් ඒ තුල නොමැති නිසා)
එවිට භාණ්ඩාගාරය මොකද කරන්නේ? සියළුම විසර්ජන ගිණුම් හා ඒවාට ඇතුලත් කර ඇති පාද සටහන් භාවිතා කොට, ඒවායේ ඇති දත්ත ජ්‍යත්‍යන්තරව පිළිගත් ගිණුම්කරණ මුලධර්ම වලට අනුකුලව සකසා ඉදිරපත් කිරීමයි. 
එයින් සැබවින්ම මුල්‍ය තත්වය සත්‍ය හා සාධාරණ ලෙස පිළිබිඹු වනවාද? තීරණය ඔබට බාරයි.

මෙම දුෂ්කරතාවයන්ගෙන් මිදෙන්න භාණ්ඩාගාරය විවිධ උපාය මාර්ගයන් අනුගමනය කරනවා.
  1. වත්කම් ලේඛණගත කර ගැනීම 
  2. මුදල් පදනම් ගිණුම්කරණයේ සිට උපචිත පදනම් ගිණුම්කරණයට මාරුවීම 

  • මේවාට ඔබ පුර්ණ ලෙසම අනුගත වූවාද ?
  • ඒවාට අනුගත වීමට යාමේදී ඔබ මුහුණ දුන් ගැටළු මොනවාද?
  • ඊට විසඳුම් භාණ්ඩාගාරය විසින් ලබා දී තිබේද? නැතහොත් ඔබ සතුව තිබේද?
  • මේ සියලු දේ සාර්ථකව කිරීම සඳහා මුලිකවම කල යුත්තේ ඔබ ආයතනය සතු වත්කම් ප්‍රශස්ථ ලෙස කළමනාකරණය කර ගත යුතු බව ඔබ වටහා ගත්තද?
  • ඒ සඳහා දැනට පවතින වත්කම් ලේඛණ ප්‍රමාණවත්ද?
  • ඔබේ පුර්වගාමීන්ට කල නොහැකිව තිබු මෙම කාර්යය ඔබට කල හැකියයි  ඔබ විශ්වාස කරන්නේද?


ඉහත ගැටළු හා ඊට කලයුතු හොඳම ප්‍රතිකර්ම චක්‍රලේඛ උපදෙස් හා ගිණුම්කරණ මුලධර්ම ඇසුරෙන් සාකච්චා කිරීම මෙම පාඩම් මාලාවේ අරමුණයි.

Comments

Popular posts from this blog

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.2 කොටස)

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.4 කොටස)

Helping Hand - අත්වැල පාඩම් අංක 01.1 - වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවලියට අදාළ නීති හා රෙගුලාසි