රාජ්‍ය මුල්‍ය පාලනය හා ජනාධිපතිවරයාගේ බලතල
රාජ්‍ය මුල්‍ය පාලනය හා ජනාධිපතිවරයාගේ බලතල මේ දිනවල රාජ්‍ය මුල්‍ය කටයුතු සම්භන්ධයෙන් ජනාධිපතිතුමා සතුව ඇති බලතල හා එහි සිමාවන් පිළිබඳව බොහෝදෙනා සාකච්ජා කරමින් සිටින අතර , ඔවුන් අතර විවිධ මතවාද පවතින බව පෙනීයන කරුණකි. එබැවින් එම කාරණය පිළිබඳව ව්‍යවස්ථාපිත නිතිය මත පදනම්ව කරුණු දැක්වීමක් කිරීමට අදහස් කලෙමි. මෙම සටහන රජයේ මුදල් රෙගුලාසි පිලිබඳ අවභෝධයක් ලබා ගැනීමට උනන්දුවක් දක්වන්නන් පමණක් ඉලක්ක කොට පමණක් නිර්මාණය කර ඇති අතර , මෙය තුල කිසිදු දේශපාලන මතවාද මත පදනම්වූ අර්ථකථනයන් අඩංගුව නොමැති බව කාරුණිකව සලකන්න. ජනාධිපතිවරයා සතු ව්‍යවස්ථාමය අයිතීන් - ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 62 ව්‍යවස්ථාව පරිදි කැබිනට් මණ්ඩලය පත් කිරීම. - ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 44 ව්‍යවස්ථාව පරිදි මුදල් ඇමතිවරයා පත් කිරීම. - ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 52 ව්‍යවස්ථාව පරිදි අමාත්‍යාංශ ලේකම්වරු පත් කිරීම. - ...