Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (9 කොටස)
කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (9 කොටස ) Effective Maintenance of Documents (Part 9) ( ලිපිගොනු කළමනාකරණය සහ ලිපිගොනු අපහරණ ක්‍රියාවලිය ලේඛන සමීක්ෂණය සහ අපහරණය සඳහා ඇගයීමේ ක්‍රියාවලිය ලේඛන සමික්ෂාව යනු , ලේඛන ඇගයීම සහ අපහරණ ක්‍රියාවලිය සඳහා යම් ආයතනයක නිර්මිත වී තැන්පත් කල ලේඛන/ගොනුවල ප්‍රමාණය , භෞතික තත්වය , වර්ග , තැන්පතු ස්ථානය සහ ඒවායේ තත්වයන් , නිර්මාණය වන වේගය සහ පරිශීලනය අවශ්‍යතා පිලිබඳ මුලික තොරතුරු එකතු කිරීමයි. ලේඛනයක් භාවිත තත්වයෙන් ඉවත් වී අර්ධ භාවිත හෝ අකර්මන්‍ය තත්වයට පත්වූ විට , එම ලේඛනය සංරක්ෂණය කල යුතුද ? විනාශ කල යුතුද ? යන්න සමාලෝචනයට භාජනය කිරීම ආයතනයක ප්‍රධානියෙකුට පැවරී ඇති වගකීමකි. ප්‍රථම සමාලෝචනයේදී සංරක්ෂණය සහ විනාශ කල යුතු ලේඛන මොනවාදැයි තීරණය කිරීම සඳහා පරිපාලනමය දෘෂ්ටි කෝණයකින් අගයන අතර , දෙවන අධියරේදී ඒවා ප්‍රවීන නිලධාරීන්ගේ පරික්ෂාවට ලක් කෙරේ. මෙම අධියරේදී ලේඛන විවිධ මිමි අනුව ඇගයීම කරයි. අවසාන අධියරේදී ලේඛන බිහිකළ ආයතනයත් , ජාතික ලේඛනාගාරයත් සමඟ සාකච්ජා කිරීමෙන් අනතුරුව අවසාන තීරණයකට එළඹේ. ලේඛන ඇගයීමේ මුලධර්ම ප්‍රාථමික වටින...