Helping Hand අත්වැල - " වත්කම් කළමනාකරණය" පාඩම 2.6 කොටස
වත්කම් කළමනාකරණය 2.6 අත්වැල අත්පත් කරගත් වත්කම් පිලිබඳ ගිණුම් තැබීම ( පළමු කොටස) රාජ්‍ය අංශයේ ගිණුම් ක්‍රියාවලිය පදනම් 02 ක් මත ක්‍රියාත්මක වේ. එනම් 1. මුල්‍ය පදනම මත ගිණුම් තැබීම රජයේ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු සියල්ලම පාහේ තවමත් මුල්‍ය පදනම මත ගිණුම් පවත්වාගෙන යන අතර , සිය අවසාන ගිණුම වශයෙන් වාර්ෂික විසර්ජන ගිණුම ඉදිරිපත් කරයි. වර්තමානයේ විසර්ජන ගිණුම සැකසීමෙන් අනතුරුව එහි ඇතුලත් දත්ත පදනම් කරගෙන උපචිත පදනම් ගිණුම් ක්‍රමය මත සැකසිය යුතු අවසාන ගිණුම් සකසා භාණ්ඩාගාරය වෙත ඉදිරිපත් කරයි. සැබැවින්ම මෙය ලුහුකම් ක්‍රියාවලියක් මිස සැබෑ ලෙසම උපචිත පදනම් ගිණුම් ක්‍රමය අනුගමනය කිරීමක් නොවේ. 2. උපචිත පදනම් ක්‍රමය මත ගිණුම් තැබීම සියලුම සංස්ථා , අධිකාරීන් , ව්‍යවස්ථාපිත මණ්ඩල , විශ්ව විද්‍යාල , රජය සතු සමාගම් හා පළාත් පාලන ආයතන සියල්ලම ඒවා ඇරඹු දිනයේ සිටම සිය ගිණුම් තැබීම සඳහා උපචිත පදනම් ගිණුම් ක්‍රමය අනුගමනය කරන අතර , අවසාන ගිණුම් වශයෙන් ජාත්‍යන්තරව පිළිගත් පහත සඳහන් ගිණුම් ඉදිරිපත් කරයි. ...