Helping Hand අත්වැල - " වත්කම් කළමනාකරණය" පාඩම 2.5 කොටස
"වත්කම් කළමනාකරණය"
2.5 අත්වැල
වත්කම් අත්පත් කර ගැනීමේ ප්‍රභවයන්
වත්කම් පවරා ගැනීමේ මූලාශ‍්‍ර
1. ජාතික අයවැය යෝජනා වල විධි විධාන භාවිත
කොට අත්පත් කර ගැනීමෙන්
·
දේශීය අරමුදල්
·
විදේශීය අරමුදල්
2. අන්තර්ජාතික සහ දේශීය ආයතන හා
පුද්ගලයන්ගෙන් ආධාර සහ ත්‍යාග ලෙස
3. අධිකරණ හෝ වෙනත් නීති පනවන ආයතන මගින්
ලැබෙන හිමිකම් ලෙස
4. අන්තර් දෙපාර්තමේන්තු වත්කම් පැවරීම සහ
දීමනාවකින් තොරව රාජ්‍ය පවරා ගැනීම්
5. අත්තිකාරම් ගිණුම් කටයුතු සඳහා වන ක්ෂය
සංචිත අරමුදලින් අත්පත් කර ගැනීම.
6. ව්‍යාපෘති අවසන් කිරීමේදී වත්කම්
පැවරීම.
7. රජයේ කටයුතු අවසන් කිරීමේදී වත්කම්
පැවරීම.
8. ත්‍යාග සහ පරිත්‍යාග ලෙසින් පවරා ගන්නා
වත්කම්
1.
ජාතික අයවැය යෝජනා වල වැය ශිර්ෂ මගින් වෙන් කළ අරමුදල් මගින් අත්පත් කර ගැනීම
·
දේශීය අරමුදල්
i.
නව වත්කමක් මිළදී ගැනීම සඳහා ප‍්‍රාග්ධන වියදම් යෝජනාවක් භාණ්ඩාගාරය
වෙත ඉදිරිපත් කිරීමට පෙර,
එවැනි මිළදී
ගැනීමක අවශ්‍යතාවය පිළිබඳව පූර්ණ සෑහීමකට පත්වීම ගණන් දීමේ හා ප‍්‍රධාන ගණන් දීමේ
නිලධාරියාගේ වගකීම වේ.
ii.
අවශ්‍යතාවය පිළිබඳව සෑහීමකට පත්වන්නේ නම් හා අවශ්‍ය ප‍්‍රතිපාදන තිබේ
නම්, එය මිළදී ගැනීමට පෙර පවතින වත්කම් ඒ
වෙනුවට යොදා ගැනීමේ හකියාව සොයා බැලිය යුතුය.
iii.
අදාල වැඩ සටහනෙහි හෝ ව්‍යාපෘතියෙහි ප‍්‍රමාණවත් ප‍්‍රතිපාදන
තිබෙන්නේද යන වග.
iv.
මිලදී ගැනීම රජයේ ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග‍්‍රහයෙහි විධි විධාන
හා චක‍්‍රලේඛ උපදෙස් වලට අනුකූල විය යුතුය
v.
මුදල් රෙගුලාසි හා කලින් කලට නිකුත් කරනු ලබන චක්‍රලේඛ උපදෙස් වලට අනුකූලව ස්ථාවර වත්කම් ලේඛනය හා
අනෙකුත් ගිණුම් වාර්තා පවත්වා ගෙන යා යුතුය.
·
විදේශීය අරමුදල්
විදේශ අරමුදල් යටතේ වත්කම් අත්පත් කර ගැනීම රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ
අනුව සිදු කලයුතුය.
2. අන්තර්ජාතික සහ දේශීය ආයතන හා පුද්ගලයන්ගෙන් ආධාර සහ ත්‍යාග ලෙසින් පවරා ගන්නා වත්කම්
i.
විශේෂ කාර්යයන් සඳහා විදේශ රජයන්ගෙන් සහ විදේශ නියෝජිතයන් වෙතින්
ලැබෙන උපකරණමය සහ ද්‍රව්‍යමය ප‍්‍රදානයන්.
ii.
අමාත්‍යවරුනට,
පාර්ලිමේන්තු
මන්ත‍්‍රීවරුන්ට හෝ රාජ්‍ය නිලධාරීන්ට විශේෂ රාජකාරි සඳහා ලැබෙන මූලධන සවභාවයේ
රාජ්‍ය ප‍්‍රදානයන.
iii.
දේශීය මූලාශ‍්‍ර වලින් ලැබෙන වෙනත් පුද්ගලික පරිත්‍යාග. (උපකරණ හා ද්‍රව්‍ය)
F විදේශයන්ගෙන් ලැබෙන උපකරණමය සහ ද්‍රව්‍යමය
ප‍්‍රදානයන්.
විදේශයන්ගෙන් තෑග්ගක් ලෙස ලැබෙන උපකරණ සහ ද්‍රව්‍ය පිළිබඳව මුදල්
රෙගුලාසි හා කලින් කලට නිකුත් කරනු ලබන චක්‍රලේඛ වල විධි විධානයන්ට අනුකූලව කටයුතු
යුතුය.
v මූලධන සවභාවයේ රාජ්‍ය ප‍්‍රදානයන්
එවැනි ප‍්‍රදානයන් ශ‍්‍රී ලංකාව නියෝජනය කිරීම වෙනුවෙන් තම පෞද්ගලික
උත්සාහය මත ලබා ගත් බවට සළකන්නේ නම් එම ලැබීම සම්භන්ධයෙන් පහත පියවරයන් අනුගමනය කල
යුතුය.
a)
මුල් අවස්ථාවේදීම විදේශ කටයුතු අමාත්‍යාංශයට/
රාජ්‍ය මූල්‍ය
දෙපාර්තමේන්තුව/
කොම්ප්රෝලර් ජනරාල් වෙත දැනුම් දිය යුතුය.
b)
රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවෙහි/ කොම්ප්රෝලර් ජනරාල්ගේ අනුමැතිය ඊට ලබා ගත
යුතුය. තීරණයකට එලඹීමේදී රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ
උපදෙස් ලබා ගත යුතුය.
c)
ප‍්‍රදාන වශයෙන් ලැබෙන සියළු වත්කම් සඳහා රේගු දෙපාර්තමේන්තුව විසින්
මිල නියම කල යුතුය.
d)
ඒවායේ අගය රු. 5000 ට
වඩා අඩු නම්, එය ලබන්නාට එය තම පෞද්ගලික පාවිච්චියට
ගත හැකිය.
e)
වටිනාකම ර.5000 ට වඩා වැඩි වත්කම් එහි මිල ගෙවා
අත්පත් කර ගත හැක. එසේ නොමැති නම් රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව හෝ වෙනත් ඕනෑම
රාජ්‍ය ආයතනයකට අලෙවි කිරීමට කටරයුතු කරනු ඇත.
f) ප‍්‍රදානයන් වශයෙන් ලැබෙන සියළු වත්කම්
ගිණුම් ගිණුම් ගත කල යුතුය.
පෞද්ගලික පාර්ශවයන්ගෙන් ප‍්‍රදානයන් වශයෙන් ලැබෙන වත්කම්
a) ප‍්‍රදානයන්, රජයේ ප‍්‍රතිපත්ති වලට අනුකූල බවට ප‍්‍රධාන
ගණන්දීමේ නිලධාරියා විසින් අනුමත කල යුතුය.
b) ප්‍රදානය පිළිබඳව ප්‍රදානය
කරන්නාගේ කොන්දේසි අනුගමනය කිරීමට රජය
බැඳී නොමැත. එය රජමේ ප්‍රතිපත්ති වලට අනුකූල නම් සහ ප්‍රදානය ලබන රාජය ආයතනයට එය
ප්‍රයෝජනවත් වන්නේ නම් ප්‍රදානය ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විසින් අනුමත කරනු ලබන
අතර, නැතිනම් එය ප්‍රතික්ෂේප කරනු ඇත.
c) එසේ ප‍්‍රදානය කරන ලද වත්කම් සියලු
සම්භාධක වලින් නිදහස් වේ. (හිමිකම් නිදහස් කිරීම - Titles Clearing - ආදියෙන්)
d) වත්කමක් භාර ගැනීම හෝ නඩත්තු කිරීම
ආර්ථික වශයෙන් එලදායී නොවන්නේ නම් එකී ප‍්‍රදානය ප‍්‍රතික්ෂේප කල හැක.
3.
අධිකරණය හෝ වෙනත්
නීති
බලාත්මක
කරනු
ලබන
ආයතනයක්
මගින්
අහෝසි
කරන
ලද
වත්කම්
පවරා
ගැනීම
i.
වත්කම අවශ්‍ය වන ආයතනය වත්කම හිමි අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කල යුතුය.
ii.
අපහරණ මණ්ඩලයෙහි යෝජනාවන් පරිදි එම වත්කම වෙනත් රාජ්‍ය ආයතනයකට අලෙවි
කිරීමේ හැකියාව පවතීද යන්න පිළිබඳව සොයා බැලිය යුතුය.
iii.
ඒ පිළිබඳව සෑහීමට පත් වන්නේ නම් වත්කමෙහි වටිනාකම තක්සේරු කිරීමට
මණ්ඩලයක් පත් කල යුතුය.
iv.
අදාල අත්පත් කර ගන්නා ආයතනය වත්කමෙහි මුළු අගය ගෙවීමට
හෝ මාසික ගිණුම්
සාරාංශ මගින් පැවරීමට එකඟ වන්නේ නම්, එම
වත්කම පැවරීමට ප‍්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් අවසර දිය හැකිය.
4. අන්තර් දෙපාර්තමේන්තු වත්කම් පැවරීම සහ දීමනාවකින් තොරව රාජ්‍ය පවරා ගැනීම
i.
මෙවැනි පැවරිමකදී ඒ සඳහා ප්රධාන ගණන් දීමේ නිලධාරියාගේ පුර්ව
අනුමැතිය ලබා ගත යුතුය.
ii.
මෙහිදී මාරු කිරීමට අදාල සියලුම වත්කම්වල ගත් මිල,
එදින දක්වා ක්ෂය
වටිනාකම සහ කපා හල අගය දැක්වෙන ලැයිස්තුවක් සැකසිය යුතුය.
iii.
එම ලැයිස්තුවෙහි පිටපත් ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වෙත හා පැවරුම්
ලාභී ආයතනය වෙත යොමු කල යුතුය.
iv.
වත්කම් පවරනු ලබන ආයතනය විසින් ඊට අදාල අනුමැතිය ලබා ගත් පසු, ඉහත ලේඛනයේ දැක්වෙන අගයන් අනුව සිය ගිණුම් ගලපා
ගත යුතුය.
v.
වත්කම අත්පත් කර ගන්නා ආයතනය සිය ඇස්තමේන්තු තුල ප‍්‍රමාණවත් ප‍්‍රතිපාදන
සළසා ගන්නා තෙක් ප‍්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් පැවරීම අනුමත කරනු නොලැබේ.
vi.
තීරු බදු රහිතව ලබා ගන්නා ලද වත්කමක් නම්, එය ලබා ගන්නා ආයතනයට තීරු බදු නිදහස් හිමිකමක්
නොමැති නම්, පවරනු ලබන ආයතනය විසින් එම තීරු බද්ද
අයකර ගෙන ආදායමට බැර කල යුතුය.
vii.
රජයේ නිලධාරියෙකු වෙනත් දෙපාර්තමේන්තුවකට හෝ අමාත්‍යංශයකට මාරු වන
විට ඔහු භාවිත කල වත්කම් නව සේවා ස්ථානයට රැගෙන යාමට අපේක්ෂා කරන්නේ නම්, ආයතන දෙකම ඊට එකඟ වන්නේ නම්, ප‍්‍රධාන ගණන් දීමේ නිලධාරියාගේ අවසරය මත ඊට ඉඩ
දිය හැක.
viii.
වත්කම පවරනු ලබන ආයතනය විසින් ඒ පිළිබඳ ලේඛනයක් සකසා එහි, වත්කමෙ හි මුල් පිරිවැය, වර්ථමාන අගය සහ පවරනු ලබන දිනට තක්සේරු අගය
සටහන් කල යුතුය.
ix.
එම ලේඛනයේ පිටපතක් වත්කම භාරගනු ලබන අයතනයට හා ප‍්‍රධාන ගණන් දීමේ
නිලධාරියාට භාර දිය යුතුය.
5.
අත්තිකාරම් ගිණුම් කටයුතු සඳහා වන ක්ෂය
සංචිත අරමුදලින් අත්පත් කර ගැනීම.
i.
අත්තිකාරම් ගිණුම් කටයුතු වල ප‍්‍රාග්ධන වත්කම් ක්ෂය වීමට අදාල මුළු
අගය වාර්ෂිකව පුනරාවර්ථන වියදම් සඳහා අයකල යුතුය.
ii.
භාණ්ඩාගාර ගිණුම අවසන් කිරීමට පෙර, ක්ෂය වීමට අදාල මුළු අගය භාණ්ඩාගාර තැන්පතු ගිණුමට මාරු කලයුතුය.
iii.
ක්ෂය කල වත්කමක් වෙනුවට නව වත්කමක් සපයා ගැනීමට වැය වන මුදල දරනු
ලබන්නේ භාණ්ඩාගාර තැන්පතු ගිණුමට මගිනි.
iv.
යම් විශේෂිත වත්කමක් වෙනුවෙන් බැරකල සංචිතය එම වත්කම නැවත ලබා
ගැනීමේදී යොදවා ගනු ලබන අතර, සංචිත
අරමුදල් ගිණුමේ මුදල් ප‍්‍රමාණවත් නොවන්නේ නම් අවශ්‍ය ප‍්‍රතිපාදන සළසා ගත යුතුය.
v.
අදාල වත්කම අපහරණය කිරීමේදී ලැබෙන ආදායම අත්තිකාරම් ගිණුමට බැර කල යුතු
අතර, ලාභයක් තිබේ නම් එම ප‍්‍රමාණය රජයේ
ආදායමට බැර කල යුතුය.
6.
ව්යාපෘති අවසන් කිරීමේදී වත්කම් පැවරීම.
i.
විදේශ ආධාර මත ක‍්‍රියාත්මක වන ව්‍යාපෘති අවසන් වූ විට එම ව්‍යාපෘති
වලට අයත් වත්කම් වෙනත් රාජ්‍ය ආයතනයකට අලෙවි කිරීමට අවශ්‍ය නම් එහි වගකීම එම ව්‍යාපෟතිය
භාර ප‍්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් භාර ගත යුතුය.
ii.
එසේ කිරීමේදී ණය ගිවිසුමෙහි සහ විදේශ ආධාර මාර්ගෝපදේශ සංග‍්‍රහයෙහි
කොන්දේසි පිළිපැදිය යුතුය.
7.
රජයේ කටයුතු අවසන් කිරීමේදී වත්කම් පැවරීම.
i.
අවසන් කිරීම භාර නිලධාරියා ආයතනය සතු වත්කම් පිළිබඳව සියලු
දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ වෙත තොරතුරු දැන්විය යුතුය.
ii.
යම්කිසි දෙපාර්තමේන්තුවක් මෙම වත්කම් මිලට ගැනීමට කැමැත්තේ නම් ප‍්‍රධාන
ගණන් දීමේ නිලධාරියාට පිටපත් සහිතව ඉල්ලීමක් කල යුතුය.
iii.
ඈවරකරු විසින් කොම්ප්රෝලර් ජනරාල් උපදේශ සහිතව අලෙවි කිරීම සඳහා ඇති
වත්කම් තක්සේරු කිරීම පිණිස කමිටුවක් පත් කල යුතුය.
iv.
තක්සේරු කල අගය පිළිබඳව අත්පත් කරගනු ලබන ආයතනය එකඟ වන්නේ නම්, පවරා ගැනීම සඳහා ප්රධාන ගණන් දීමේ
නිලධාරියාගේ අනුමැතිය ලබා ගත යුතුය.
v.
වත්කමෙහි වටිනාකම සම්පූර්ණයෙන් මුදලින් හෝ ගිණුම් සාරාංශ හරහා
සිදුකිරීමෙන් තොරව වත්කම පැවරීම නොකල යුතුය.
8.
පෞද්ගලික පාර්ශවයකට අයත් වත්කම් ත්‍යාග සහ පරිත්‍යාග ලෙසින් පවරා ගැනීම.
i.
පෞද්ගලික පාර්ශව වලට අයත් වත්කම් විවිධ අරමුණු සඳහා අත්පත් කර ගැනීමට
රජයට හැක.
ii.
එම අරමුණ ඉටු කර ගැනීම පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත් නීතියක් මගින්
හෝ වෙනත් පවතින නීතියක් මගින් සිදු කල හැක.
iii.
එවැනි අත් පත් කර ගැනීමකදී පහත ක‍්‍රියාමාර්ග අනුගමනය කල යුතුය.
a) අත්පත් කර ගනු ලබන වත්කම් වෙන වෙනම
හඳුනා ගත යුතු අතර, ඒවායේ රාජ්‍ය ලාංචනය සටහන් කල යුතුය.
b) රජයේ තක්සේරුකරු විසින් හෝ බලය ලත්
නිලධාරියෙකු විසින් සියලු වත්කම් තක්සේරු කල යුතුය.
c) වන්දියක් ගෙවිය යුතු නම් එය රජයේ
තක්සේරුකරු විසින් හෝ බලය ලත් නිලධාරියෙකුගේ තක්සේරුව මත පදනම් විය යුතුය.
d) වන්දියක් ගෙවිය යුතු නැත්නම් වත්කමේ
අගය රජයේ ආදායමට බැර කල යුතුය.
e) අත්පත් කරගත් වත්කම්, වත්කම් ලේඛනයක සටහන් කල
යුතුය.
සටහන
මෙම පාඩම් කොටස බොහෝ අයට නවමු අත්දැකීමක් විය හැකි බැවින්, වැඩිදුර කරුණු පැහැදිලි
කර ගනීම සඳහා ඔබගේ අදහස හෝ ගැටලුව Comment කරන්න.
(මීළඟට “අත්පත් කරගත් වත්කම්
පිලිබඳ ගිණුම් තැබීම”පාඩම බලාපොරොත්තු වන්න.)
Comments
Post a Comment