Helping Hand අත්වැල - " වත්කම් කළමනාකරණය" පාඩම 2.6 කොටස


වත්කම් කළමනාකරණය
2.6 අත්වැල
අත්පත් කරගත් වත්කම් පිලිබඳ ගිණුම් තැබීම (පළමු කොටස)

රාජ්‍ය අංශයේ ගිණුම් ක්‍රියාවලිය පදනම් 02 ක් මත ක්‍රියාත්මක වේ. එනම්
1.      මුල්‍ය පදනම මත ගිණුම් තැබීම
රජයේ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු සියල්ලම පාහේ තවමත් මුල්‍ය පදනම මත ගිණුම් පවත්වාගෙන යන අතර, සිය අවසාන ගිණුම වශයෙන් වාර්ෂික විසර්ජන ගිණුම ඉදිරිපත් කරයි. වර්තමානයේ විසර්ජන ගිණුම සැකසීමෙන් අනතුරුව එහි ඇතුලත් දත්ත පදනම් කරගෙන උපචිත පදනම් ගිණුම් ක්‍රමය මත සැකසිය යුතු අවසාන ගිණුම් සකසා භාණ්ඩාගාරය වෙත ඉදිරිපත් කරයි. සැබැවින්ම මෙය ලුහුකම් ක්‍රියාවලියක් මිස සැබෑ ලෙසම උපචිත පදනම් ගිණුම් ක්‍රමය අනුගමනය කිරීමක් නොවේ.

2.      උපචිත පදනම් ක්‍රමය මත ගිණුම් තැබීම
සියලුම සංස්ථා, අධිකාරීන්, ව්‍යවස්ථාපිත මණ්ඩල, විශ්ව විද්‍යාල, රජය සතු සමාගම් හා පළාත් පාලන ආයතන සියල්ලම ඒවා ඇරඹු දිනයේ සිටම සිය ගිණුම් තැබීම සඳහා උපචිත පදනම් ගිණුම් ක්‍රමය අනුගමනය කරන අතර, අවසාන ගිණුම් වශයෙන් ජාත්‍යන්තරව පිළිගත් පහත සඳහන් ගිණුම් ඉදිරිපත් කරයි.
                                i.            වාර්ෂික කාර්යසාධන ප්‍රකාශනය  
                              ii.            වාර්ෂික මුල්‍ය තත්වය පිලිබඳ ප්‍රකාශනය  
                            iii.            වාර්ෂික මුල්‍ය ප්‍රවාහ ප්‍රකාශනය

වත්කම් ගිණුම් තැබීමේ ප්‍රයෝගික භාවිතය
ගිණුම් ගත කල යුතු වත්කම්
ආයතනය සතු නීතිමය අයිතිය ඇති ජංගම නොවන වත්කම්. µමහි ප‍්‍රධාන වර්ග 3 කි.
1.    ආයතනය සතු වර්ථමානයේදී භාවිතයට ගන්නා මිලදී ගෙන ඇති හෝ ආධාර හා පරිත්‍යාග
     වශයෙන් ලද  වත්කම්
2.    ආයතනය සතු කුලියට දී ඇති ජංගම නොවන වත්කම් (භාරයේ නොමැති වත්කම්)
3.    ආයතනය සතු ආයෝජනය කර ඇති ජංගම නොවන වත්කම්

ගිණුම් ගත නොකල යුතු වත්කම්
1.      ආයතනය දැනට භාවිතා කරනු ලබන කුලියට ගත් ජංගම නොවන වත්කම්
2.      ආයතනය දැනට භාවිතා කරනු ලබන බද්දට ගත් ජංගම නොවන වත්කම්
3.            ආයතනය දැනට ාවිතා කරනු ලබන නමුත් වෙනත් රාජ්‍ය ආයතන වලට නිත්‍යානුකුල හිමිකම ඇති ජංගම නොවන වත්කම්

ජංගම නොවන වත්කම් ගිණුම් ගත කිරීමේ ප‍්‍රතිපත්තිය
1.      සියලුම ජංගම නොවන වත්කම් ඒවායේ අගයන් සහිතව ජංගම නොවන වත්කම් ලේඛනයෙහි සටහන් කර ඇති බවට ප‍්‍රධාන ගණන් දීමේ නිලධාරී හා ගණන් දීමේ නිලධාරී විසින් සහතික විය යුතුය.
2.      එම වාර්තා වල යම්කිසි විෂමතා හෝ අඩුපාඩු පවතීද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමට කටයුතු කල යුතුය.
3.      මෙම ජංගම නොවන වත්කම් ලේඛන සෑම වත්කම් ඒකකයක් (එනම් ආයතනයේ විවිධ අංශ හා උප කාර්යාල) සඳහාම වෙන වෙනම සකස් කල යුතුය.
4.      මෙම ජංගම නොවන වත්කම් ලේඛන සියල්ල ඒකාබද්ධ කර සමස්ත ආයතනය සඳහාම වත්කම් පාලන ගිනුමක් සකස් කල යුතුය.
වත්කම් දත්ත පද්ධතියක් නිර්මාණය කිරීම පහසු කරවන ආකෟති පත‍්‍ර
1.      මිළදී ගැනීමේ ලේඛණය
2.      පරිත්‍යාග ලේඛණය
3.      ජංගම නොවන වත්කම් ලෙජරය
4.      ජංගම නොවන වත්කම් රෙජිස්ටරය
                                                        i.            ඉඩම් හා භූමි සංවර්ධනය - (2105)
                                                       ii.            ගොඩනැගිලි හා ව්‍යුහයන් - (2104)
                                                     iii.            කර්මාන්තශාලා, යන්ත‍්‍ර සූත‍්‍ර හා උපකරණ - (2103)
                                                     iv.            ගෘහ භාණ්ඩ හා කාර්යාලයීය උපකරණ - (2102)
                                                       v.            වාහන - (2101)
                                                     vi.            වෙනත් - (2106)
5.      ජංගම නොවන වත්කම් පාලන ගිණූම
6.      මූල්‍ය නොවන වත්කම් පිළිබඳ ප්‍රකාශය (ජංගම නොවන වත්කම් සංචලන වාර්තාව) - FAS 3/(SA/AS/AA 2013.07.13 ඇමුණුම 1) (වාර්ශික විසර්ජන ගිණූම සමඟ ඉදිරිපත් කල යුතුය) 2018.11.21 දිනැති රාජ්‍ය ගිණුම් චක්‍රලේඛ 267/2018 මගින් මෙම ආකෘතිය සංවර්ධනය කර ඇත.
7.      ස්ථාවර වත්කම් ලේඛන
                                                        i.            ඉඩම් හා භූමි සංවර්ධන ලේඛනය  (2105)
                                                       ii.            ගොඩනැගිලි හා ව්‍යුහයන් ලේඛනය  (2104)
                                                     iii.            කර්මාන්තශාලා, යන්ත‍්‍ර සූත‍්‍ර හා උපකරණ - (2103)
                                                     iv.            ගෘහ භාණ්ඩ හා කාර්යාලයීය උපකරණ - (2102)
                                                       v.            වාහන - (2101)
                                                     vi.            වෙනත් - (2106)
සටහන
2018.11.21 දිනැති රාජ්‍ය ගිණුම් චක්‍රලේඛ 267/2018 හි ජේද අංක 08 පොදු උපදෙස් හි 8.1 පරිදි 1978.12.19 දිනැති අංක 842 දරන භාණ්ඩාගාර චක්‍රලේඛය අනුව නඩත්තු කල යුතු ස්ථාවර වත්කම් ලේඛනයේ සහ 2002.11.28 දිනැති අංක IAI/2002/02 දරන භාණ්ඩාගාර  චක්‍රලේඛය අනුව නඩත්තු කල යුතු පරිගණක උපාංග හා මෘදුකාංග සම්භන්ධයෙන් වන  ස්ථාවර වත්කම් ලේඛනයේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන සිගාස් වැඩ සටහන තුල මුල්‍ය නොවන වත්කම් පිලිබඳ මොඩියුලයක් සංවර්ධනය කර ඇති බැවින් මුල්‍ය නොවන වත්කම් පිලිබඳ ලේඛනය තව දුරටත් පවත්වා ගෙන යාම අනිවාර්ය නොවන බව දක්වා ඇත.
පරිපාලකගේ විශේෂ සටහන
ඉහත කී පරිදි සිගාස් වැඩ සටහන තුල වත්කම් ගිණුම් තබා ගැනීම සඳහා මොඩියුලයක් නිර්මාණය කර තිබුනද එය ගිණුම්කරණයට හා වාර්තාකරණයට පමණක් සීමා වී ඇති බව මාගේ පෞද්ගලික මතයයි. ආයතනයක යහපත් හා කාර්යක්ෂම වත්කම් කලමනාකරණය සඳහා එම වැඩ සටහන කොතරම් දුරට ඉවහල් කරගෙන තිබේද? යන්න මැන බැලීම දැනට වත්කම් කලමනාකරණ ක්‍රියාවලියෙහි යෙදී සිටින සියලු දෙනාගේම වගකීමකි. ආයතන වල වත්කම් විෂය භාරව සිටින නිලධාරීන් පමණක් එම වැඩ සටහන පිළිබඳව දැන සිටින බව මාගේ විශ්වාසයයි. වත්කම් පරිපාලන කටයුතු සඳහා සිගාස් වැඩ සටහන පමණක් ප්‍රමාණවත්ද? යන්න විමර්ශනය කොට ආයතනයට සුදුසු වත්කම් කලමනාකරණ පද්ධතියක් නිර්මාණය කර ගැනීමට සිය දැනුම හා කුසලතා යොමු කිරීම දැනට වත්කම් කලමනාකරණ ක්‍රියාවලියෙහි යෙදී සිටින සියලු දෙනාගේම වගකීමකි.
ඊට යම් පමණක හෝ දායකත්වයක් ලබා දීම මෙම ලිපි පෙළෙහි ප්‍රධාන අරමුණ වේ. ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම ඔබට අයත් කාර්යයකි.
පාද සටහන
මෙම පාඩම් කොටස බොහෝ අයට නවමු අත්දැකීමක් විය හැකි බැවින්, වැඩිදුර කරුණු පැහැදිලි කර ගැනීම  සඳහා ඔබගේ අදහස හෝ ගැටලුව Comment කරන්න.

(මීළඟට අත්පත් කරගත් වත්කම් පිලිබඳ ගිණුම් තැබීම - (දෙවන කොටස) ”පාඩම බලාපොරොත්තු වන්න.)

Comments

Popular posts from this blog

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.2 කොටස)

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.4 කොටස)

Helping Hand - අත්වැල පාඩම් අංක 01.1 - වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවලියට අදාළ නීති හා රෙගුලාසි