Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.2 කොටස)
කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.2 කොටස ) Effective Maintenance of Documents (Part 3.2) ( ලිපිගොනු කළමනාකරණය සහ ලිපිගොනු අපහරණ ක්‍රියාවලිය } ලේඛන කළමනාකරණයේ භූමිකාව සහ ලිපිගොනුකරණය අර්ථකථනය කිරීම , ලේඛන වල ජිවන චක්‍රය ලේඛන කළමනාකරණයේ භූමිකාව ලේඛනයක් යනු කුමක්ද ? 1973 අංක 48 දරණ ජාතික ලේඛනාරක්ෂක පනත අනුව ලේඛනයක් යනු , කාර්යාලයක නිල කාර්යයක් ඉටු කිරීමේදී එම කාර්යාලය නිල වශයෙන් භාර ගන්නා ලද හෝ ප්‍රකාශයට පත් කරන ලද හෝ පිළියෙළ කරන ලද අත් පිටපතක් , ලියවිල්ලක් , ලිපියක් , රෙජිස්ටරයක් , වාර්තාවක් , පොතක් , සඟරාවක් , සිතියමක් , රේඛා පත්‍රයක් , පිඹුරක් , චිත්‍රයක් , පින්තුරයක් , මුද්‍රිත හෝ ප්‍රකාශිත ලේඛනයක පිටපතක් , සිනමා පිටපතක් , තැටිගත හෝ පටිගත හෝ වෙනත් මාධ්‍යයකින් නිර්මාණය කරන ලද ඒවා වේ. මෙම නිර්වචනය අනුව ප්‍රධාන ලේඛන ප්‍රභවයන් දෙකකි. · ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යය · පරිගණක නොහොත් විද්‍යුත් මාධ්‍යය භාවිත ලේඛනයක් යනු කුමක්ද ? ...