Helping Hand අත්වැල - " වත්කම් කළමනාකරණය" පාඩම 2.9 කොටස
2.9 අත්වැල
වත්කම් තක්සේරුකරණ ක‍්‍රියාවලිය
තක්සේරු කිරීමේ
මූලධර්ම
·
වත්කම්
තක්සේරු කිරීමේ මූලික පරමාර්ථය රාජ්‍ය දේපල වල අගය පොත්වල සටහන් කිරීම වන අතර, එය
කිසිදු ආකාරයෙන් වෙනත් අරමුණු සඳහා නොවේ.
·
මෙම
කටයුත්ත දිගු කාලීනව ඉටු කිරීම මගින් එලදායී කළමනාකරණයට හේතුවන වත්කම් පිළිබඳ
ශක්තිමත් මූල්‍යමය තොරතුරු පද්ධතියක් ගොඩනැංවීමට හැකියාව ලැබේ.
පදනම් වර්ශය
·
පදනම්
වර්ෂය වන්නේ 2004 වසරයි.
·
2004 වසරේ සිට පොත්වල සටහන් කල යුතු
වත්කම් වල අගය, රජයේ ප‍්‍රාග්ධන
අයවැයෙහි අත්කර ගැනීමේ හෝ සංවර්ධනය කිරීමේ සත්‍ය අගයයි.
තක්සේරුකරණයේ
මූලිකාංග
1. භූමිය
2. ගොඩනැගිලි, ව්‍යුහයන් සහ භූමිය මත වන සංවර්ධන
කටයුතු
3. කර්මාන්තශාලා, යන්ත‍්‍ර සූත‍්‍ර, උපකරණ
4. වාහන
1. භූමිය
a. භූමිය තක්සේරු කිරීමේ කටයුතු කොම්ප්රෝලර්
ජනරාල් වරයාගේ (රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ) අනුග‍්‍රහයෙන් රජයේ තක්සේරු
දෙපාර්තමේන්තුව මගින් පමණක් සිදු කරයි.
b. භූමිය
ක්ෂය කිරීමට බඳුන් නොවේ.
2. ගොඩනැගිලි, ව්‍යුහයන් සහ භූමිය මත වන සංවර්ධන කටයුතු
a. මීට අදාල තක්සේරු කිරීමේ කටයුතු කොම්ප්රෝලර්
ජනරාල් වරයාගේ (රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ) අනුග‍්‍රහයෙන් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව
මගින් පමණක් සිදු කරයි.
b. සැබෑ වටිනාකමින්
i. ගොඩනැගිලි
සඳහා 2.5%
II. ව්‍යුහයන් සඳහා 5% වන
පරිදි, ක්ෂය වීම් ගැලපිය යුතුය.
(රාජ්‍ය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල වත්කම්
ක්ෂය කිරීම සඳහා අනුමැතිය ලැබී නැතත් අනෙකුත් අර්ධ රාජ්‍ය ආයතන වලට ඊට භාධාවක්
නොමැත. සෘජුවම උපචිත පදනම් ගිණුම්කරණ ගිණුම් ක්‍රමය භාවිතා කරනු ලබන ආයතන වල
දැනටමත් වත්කම් ක්ෂය කිරීම කරනු ලැබේ.)
c. මාර්ග පාලම්, ඇල මාර්ග, සොරොව්, ජලාශ
යනාදිය ව්‍යූහයන්ට ඇතුලත් විය හැකිය.
3. කර්මාන්තශාලා, යන්ත‍්‍ර සූත‍්‍ර, උපකරණ
a. මේවා සාමාන්‍යයෙන් කෙටි ආයු කාලයක් සහිත වන අතර, එම කාල සීමාව කොපමණද යන්න
සැළකිය යුතු නිශ්චිතතාවයකින් යුතුව අවභෝධ කරගත යුතුය.
b. මෙම වත්කම් තක්සේරු කල යුත්තේ අවකරණ ශේෂ ක‍්‍රමයට අනුව පහත ආකාරයටය.
1. කර්මාන්තශාලා සහ යන්ත‍්‍ර සූත‍්‍ර 10%
2. උපකරණ 20%
3. වාහන 20%
c. අවම අගය අඩු වීම රු.100 ට වඩා අඩු නොවිය යුතු අතර, එම අගය රු.100 ට වඩා අඩු වූ විට, තව දුරටත් අගය අඩු කිරීµමන් තොරව, පොතෙහි අගය රු.100 වටිනාකමට පවත්වා ගෙන යා
යුතුය.
d. අගය නිශ්චිතව දැන ගැනීමට නොහැකි අවස්ථාවක නිසි තර්කණය හා විනිශ්චය
සිදු කිරීම තුලින්,
I. වත්කµමහි වර්ගය,
II. ආයුෂ,
III. ප‍්‍රයෝජනවත් බව හා
IV. පවතින තත්වය,
පිළිබඳ
සළකා බලා නාමික අගයක් නියම කල යුතුය.
4.
වාහන
a. වාහන වල වටිනාකම තක්සේරු කල යුත්තේ අවකරණ ශේෂ ක‍්‍රමයට අනුව පහත
ආකාරයටය.
1. වාහන 20%
(රාජ්‍ය
අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල වත්කම් ක්ෂය කිරීම සඳහා අනුමැතිය ලැබී නැතත්
අනෙකුත් අර්ධ රාජ්‍ය ආයතන වලට ඊට භාධාවක් නොමැත. සෘජුවම උපචිත පදනම් ගිණුම්කරණ
ගිණුම් ක්‍රමය භාවිතා කරනු ලබන ආයතන වල දැනටමත් වත්කම් ක්ෂය කිරීම කරනු ලැබේ.)
වත්කම් තක්සේරුකරණ යාන්ත‍්‍රණය
I. පහත දැක්වෙන වත්කම්
සම්භන්ධයෙන් ක‍්‍රියාකල යුතු ආකාරය.
• 2102 - ගෘහ භාණ්ඩ හා කාර්යාල
උපකරණ
• 2103
- යන්ත‍්‍ර හා යන්ත්‍රෝපකරණ
මෙම වත්කම් සම්භන්ධයෙන් පහත පරිදි කටයුතු කල යුතුය.
1. තක්සේරු මණ්ඩලයක් පිහිටුවීම
2. ඓතිහාසික අගය/පිරිවැය වවචර් වලින් පොත් වලින් සොයාගත හැකි නම් එකී සැබෑ
අගයන් මත වත්කමෙහි වටනාකම පොත්වල සටහන් කිරීම.
3. ඓතිහාසික අගය/පිරිවැය සොයාගත නොහැකි විට තක්සේරු මණ්ඩලයක් මගින් එකී
වත්කමෙහි වෙළඳ පොළ වටිනාකම තක්සේරු කර එම වටිනාකම පොත්වල සටහන් කිරීම.
II.
පහත දැක්වෙන වත්කම්
සම්භන්ධයෙන් ක‍්‍රියාකල යුතු ආකාරය.
• 2104 - ගොඩනැගිලි හා
ඉඳිකිරීම්
• 2105 - ඉඩම් හා ඉඩම් වැඩි
දියුණු කිරීම්
මෙම වත්කම් සම්භන්ධයෙන් පහත පරිදි කටයුතු කල යුතුය.
1. මෙම වත්කම් තක්සේරු කිරීමට රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ සහාය
අනිවාර්යයෙන්ම ලබා ගත යුතුය.
2. ඒ සඳහා හඳුන්වා දී ඇති ආකෘති පත‍්‍රය පුරවා රජයේ ප‍්‍රධාන තක්සේරුකරු වෙත
ඉදිරිපත් කල යුතුය.
3.
හඳුන්වා දී ඇති ආකෘතිය
මගින් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව වෙත වත්කම් පිලිබඳ තොරතුරු යවන විට ඔවුනගේ
කටයුතු වලට පහසු වන පරිදි පහත අතිරේඛ තොරතුරුද සැපයිය යුතුය.
a.
වත්කමේ පිහිටීම
දැක්වෙන දල සිතියමක් (ඉඩමේ පිහිටි සියලුම තාවකාලික හා ස්ථිර ගොඩනැගිලි සහ මායිම
ඇති අවට බිම් කොටස්, ප්‍රවේශ මාර්ග ආදිය ඇතුලත්ව)
b.
ප්‍රධාන හා ප්‍රාදේශීය
කාර්යාල වල සිට එම වත්කම වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි මාර්ග මොනවාද? යන්න සහ දුර ප්‍රමාණය.
c.
ස්ථානය භාරව කටයුතු
කරනු ලබන නිලධාරියාගේ නම, ලිපිනය, රාජකාරි හා පෞද්ගලික දුරකථන අංක, විද්‍යුත් තැපැල් අංකය
4.
අදාල පාර්ශවයන් අතර
සබඳතා ඇතිකර ගත යුතුය.
• අතිරේක ප‍්‍රධාන තක්සේරුකරු - 0112695658
• දිස්ත‍්‍රික් තක්සේරුකරු - 0112693543
III. වාහන සම්භන්ධයෙන් ක‍්‍රියාකල යුතු
ආකාරය.
·
2101 - වාහන
සැ.යු.
වාහන වල අගය තක්සේරු කිරීම හා අයිතිය පැවරීම පිළිබඳව මීළඟ පාඩමෙන්
සාකච්ජා කෙරේ.
වත්කම් තක්සේරු කමිටුවේ වගකීම්
I. වත්කම් මධ්‍යස්ථානය විසින් කමිටුව වෙත
ඉදිරිපත් කර ඇති ස්ථාවර වත්කම් ලැයිස්තු වල දක්වා ඇති වත්කම් වල අයිතිකාරත්වය හා
පැවැත්ම පිළිබඳව තහවුරු කර ගත යුතුය.
II. පවතින යම් වත්කමක් අදාල ලැයිස්තුවල නොමැති
බවට තහවුරු වූයේ නම්, එම වත්කම අදාල ලැයිස්තුවට ඇතුලත් කොට, අදාල
පොත්පත් හා ලේඛන වලටද ඇතුලත් කිරීමට කටයුතු යුතුය.
III. එසේම ස්ථාවර වත්කම් රෙජිස්ටර වල ඇතුලත් කොට
ඇති යම් වත්කමක් අදාල ලැයිස්තුවල නොමැති බවට තහවුරු වූයේ නම්, අදාල
ස්ථාවර වත්කම් රෙජිස්ටරයේ සඳහන් අගය එපරිදිම සඳහන් කරමින් අදාල වත්කම් ලැයිස්තුව
සංශෝධනය කරගත යුතුය.
IV. වත්කම් මධ්‍යස්ථානය විසින් කමිටුව වෙත සපයන
ලද තොරතුරු පදනම් කොට ගෙන සෑම වත්කමකම අගය තක්සේරුකර සටහන් කල යුතුය.
V. හැකිතාක් දුරට ස්ථාවර වත්කම් සම්භන්ධව පහත
සඳහන් තොරතුරු භෙළිදරව් කරගත යුතුය.
·
අතිරික්තතාවන්
·
උෘන උපයෝජන හෝ නිශ්කාර්ය වත්කම්
·
භාවිතයට ගත නොහැකි වත්කම් (අබලි වත්කම්)
F
වත්කම් තක්සේරු කමිටුවේ සියළුම සාමාජිකයන්ගේ අත්සනින්
යුතුව, කමිටු වාර්තාව ප‍්‍ර.ග.නි හෝ ග.නි වෙත අවශ්‍ය පියවරයන් ගැනීම සඳහා
ඉදිරිපත් කල යුතුය.
අතිරේඛ ලේඛනගත කිරීම
එක් එක් දේපල සම්භන්ධයෙන් පහත තොරතුරු
ඇතුලත් ගොනු වෙන් වශයෙන් පවත්වා ගෙන යා යුතුය.
නම
තක්සේරු අංකය (තක්සේරු ගත ප‍්‍රදේශයේ)
නගරය/ගම
ප‍්‍රවේශ මාර්ග
හිමිකම් ඔප්පු අංකය හා අදාල
විස්තර
පිඹුරට ඇති සම්භන්ධය
ප‍්‍රමාණය (වපසරිය)
මායිම්
පාලන බල ප‍්‍රදේශය
වාර්ශික අගය
වරිපනම් ගාස්තුව
(මීළඟට කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය පාඩම යටතේ "වාහන වල අගය තක්සේරු
කිරීම හා
අයිතිය පැවරීම"
පාඩම් කොටස බලාපොරොත්තු වන්න.)
Comments
Post a Comment