Posts

Showing posts from March, 2021

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (7 - කොටස)

  කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (7 කොටස ) Effective Maintenance of Documents (Part 7) ( ලිපිගොනු කළමනාකරණය සහ ලිපිගොනු අපහරණ ක්‍රියාවලිය } ලේඛනාගාරයක් ස්ථාපිත කිරීම , පවත්වාගෙන යාම හා ලේඛන තැන්පත් කිරීමේ ක්‍රමවේද රාජ්‍ය ආයතන වලින් බිහිවන ලේඛනවල ආරක්ෂාව පිලිබඳ වගකීම එම ආයතන වල ප්‍රධානින් වෙත පැවරෙන බව ආයතන සංග්‍රහයේ 28-9 වැනි පරිච්ජේදයේ 9.1 වගන්තියෙනුත් , 1973 අංක 48 දරන ජාතික ලේඛනාරක්ෂක පනතේ 9 (2) ආ වගන්තියෙනුත් පැහැදිලිව දක්වා ඇත. ඒ අනුව සංරක්ෂණය කල යුතු ලේඛන ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත පැවරෙන තෙක් වසර 25 ක කාලයක් ආයතනයේ ලේඛනාගාරයක සුරක්ෂිතව තැන්පත් කර තබා ගත යුතුය.   ලේඛනාගාරයක් සැකසීමේදී සැලකිය යුතු කරුණු ලේඛනාගාරය සෑම විටම පහත මාලයක පිහිටුවිය යුතුවේ. නැතහොත් ඉහල මාලයකට එසවීමේ පහසුකම් තිබිය යුතුය. කාමරයට ඉහලින් හෝ පහලින් ජල නල මාර්ග නොතිබිය යුතුය. වැසිකිලි හෝ භෝජනාගාර වලට ඈතින් පිටුවිය යුතුය. නැතහොත් ජලයෙන් හා කෘමින්ගෙන් හානි සිදුවිය හැක. පහසුවෙන් ප්‍රවේශ විය හැකි ආරක්‍ෂිත ස්ථානයක පිහිටුවිය යුතුය. අනෙකුත් ගොඩනැගිලි ව...

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (6 - කොටස)

Image
  කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (6 කොටස ) Effective Maintenance of Documents (Part 6) ( ලිපිගොනු කළමනාකරණය සහ ලිපිගොනු අපහරණ ක්‍රියාවලිය }   අර්ධ භාවිත සහ අකර්මන්‍ය ලේඛන කළමනාකරණය සක්‍රිය නොවන හෙවත් භාවිත නොවන ලේඛන සක්‍රිය නොවන හෙවත් භාවිත නොවන ලේඛන යනු සාමාන්‍යයෙන් දෛනිකව රාජකාරි කටයුතු සඳහා අවශ්‍ය නොවන ලේඛන හා ලිපිගොනුය. වසරක කාලයක් තුල දෙවරකට නොවැඩි වාර ගණනක් භාවිතයට නොගත් ලේඛන සක්‍රිය නොවන ලේඛන ගණයට වැටේ . දෙවන වර්ෂය වන විට නිතර පරිශීලනය කිරීමේ අවශ්‍යතාවය මතු වන්නේ සෑම ලිපිගොනු 5 කට එකකි. වසර 3 සිට 5 දක්වා කාලය තුලදී පරිශීලනය කිරීමේ අවශ්‍යතාවය මතු වන්නේ සෑම ලිපිගොනු 20 කට 18 කි. එබැවින් මෙවැනි ගොනු ලේඛනාගාරයට මාරු කල හැක. . අර්ධ භාවිත ලේඛන/ලිපිගොනු - Semi Current File/Record සාමාන්‍යයෙන් වසර 05 කට වරක් වත් භාවිතා නොවන ගොනු/ලේඛන මේ ඝනයට අයත් වේ. මේවා නිත්‍ය වශයෙන්ම ලේඛනාගාරයට මාරු කල යුතුය. අකර්මන්‍ය ලේඛන/ලිපිගොනු - Inactive File/Record වසර 5 - 10 කාලයකට වරක්වත් දෛනික පරිශීලනයට අවශ්‍ය නොවන ලේඛන/ලිපිගොනු මේ ඝනයට අයත් වේ. මෙම තත්වයට පත් ලේඛන/ල...