Helping Hand - අත්වැල පාඩම අංක 01.2 - භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවලි අදියරයන්

Helping Hand (Sri Lanka Accountant Service)
By Upali Rajapaksa

අත්වැල - අංක 01.2 

වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක‍්‍රියාවලි අදියරයන්

වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක‍්‍රියාදාමය අධියර ගණනාවකින් යුක්තය. එම අදියරයන් ක‍්‍රියාත්මක කල යුතු අනුපිළිවෙලට පහත දැක්වේ.

1. මු.රෙ.754 සිට 760 දක්වා වන වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයට අදාල රෙගුලාසි හා රාජ්‍ය       මුදල් චක‍්‍රලේඛ අංක - 05/2016 - PFD/RED/03/03/01(2016.03.31) සඳහන් කාල රාමුව
    අනුගමනය කිරීම.

2. වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල සඳහා සභාපති ඇතුළු සාමාජිකයන් තෝරා                ගැනීම. (මෙය ප‍්‍රවර්ථන වර්ෂයේ නොවැම්බර් මස 30 දින වන විට නිම කිරීම
    අත්‍යවශ්‍යය.)

3. වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල සඳහා වෙනත් රාජ්‍ය ආයතන වලින් භාණ්ඩ
    සමීක්ෂණ මණ්ඩල  වලට පත් කිරීමට සුදුසු නිලධාරීන් පිළිබඳව එම ආයතන වලින්            විමසීම හා අදාල නිලධාරී නාම ලේඛන ලබා ගැනීම. (මෙය ප‍්‍රවර්ථන වර්ෂයේ        
    ඔක්තෝඹර් මස 30 දින වන විට නිම කිරීම අත්‍යවශ්‍යය.)

4. වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල සඳහා වෙනත් රාජ්‍ය ආයතන වලින් තෝරා                  ගන්නා නිලධාරීන් පිළිබඳව එම ආයතන ප‍්‍රධානීන් සමඟ (අදාල දිනට නිදහස් කිරීමට        එකඟවීමද ඇතුළුව) එකඟතා ඇතිකර ගැනීම. (මෙය ප‍්‍රවර්ථන වර්ෂයේ නොවැම්බර්          මස 30 දින වනවිට නිම කිරීම අත්‍යවශ්‍යය.)

5. ප‍්‍රවර්ථන වර්ෂයේ දෙසැම්බර් මස 15 දිනට පෙර වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල
    සඳහා නිලධාරීන් පත්කර අවසන් කිරීම. (ප‍්‍රමිතගත පත්වීම් ලිපියක් සකසා ගන්නා  
    ආකාරය ඉදිරි පාඩමකදී සාකච්ජා කරමි.)

6. වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලවලට පත්වීම් ලද සභාපති ඇතුළු සාමාජිකයන් හා
    ගබඩා භාරකරුවන්ද, අනෙකුත් අදාල නිලධාරීන් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩ              මුළුවක් පැවැත්වීම. (අත්‍යාවශ්‍ය නොවුනද, කාර්යයෙහි කාර්ය සාධනය සඳහා මෙය          ඉවහල් වේ.)

7. වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලවලට පත්වීම් ලද සභාපතිවරුන් විසින්     
    සමීක්ෂණයට භාජනය වන ආයතනයේ ප‍්‍රධානීන්, ගබඩා නිලධාරී සමඟ සාකච්ජා            කොට සමීක්ෂණයට අදාල දින වකවානු නිර්ණය කර ගැනීම)

8. වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලවලට පත්වීම් ලද සභාපතිවරුන් විසින්, ඉහත              අංක පරිදි එකඟ වු දින වකවානුද ඇතුලත් කර, කලයුතු පූර්ව සූදානම් කිරීම් හා              අවශ්‍ය සහායයන් මොනවාද යන්න සඳහන් කර සමීක්ෂණයට භාජනය වන අදාල              ආයතන වෙත තමන් කාර්යය සඳහා පැමිණෙන දිනයන් දන්වා ලිපියක් යැවීම.                      (ප‍්‍රවර්ථන වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට පෙර) (අදාල ලිපියේ ආකෘතියක් ඉදිරියේදී)

9. සමීක්ෂණ කාර්යය ඉටු කිරීම (සමීක්ෂණ කාර්යය ඉටු කරන ප‍්‍රායෝගික ක‍්‍රමවේදයන්,
    ආකෘති පත‍්‍ර හා කාල රාමුව ඉදිරි පාඩමකදී සාකච්ජා කරමි.)

10. සමීක්ෂණ වාර්තාව සැකසීම හා අදාල බලධාරීන් වෙත ඉදිරිපත් කිරීම (ප‍්‍රශස්ථ
      සමීක්ෂණ වාර්තාවක් සකසා ගන්නා ආකාරය ඉදිරි පාඩමකදී සාකච්ජා කරමි.)

11. අදාල බලධාරීන්, සමීක්ෂණ මණ්ඩල නිර්දේශයන් ගැඹුරින් අධ්‍යයනය කොට අවශ්‍ය
      නිවැරදි කිරීමේ උපදෙස් හා ගත යුතු කියාමාර්ග පිළිබඳ අදාල පාර්ශවයන් වෙත                නියෝග ලබාදීම. (මෙම කටයුතු සිදු කරන ආකාරය ඉදිරි පාඩමකදී සාකච්ජා කරමි.)
12. අදාල බලධාරියා විසින් ලබාදෙන ලද උපදෙස් අනුව අදාල වැරදි හා අඩුපාඩු නිවැරදි            කිරීම හා අවශ්‍ය නම් පරීක්ෂණ ආරම්භ කිරීම. (මෙම කටයුතු සිදු කරන ආකාරය              ඉදිරි පාඩමකදී සාකච්ජා කරමි.)

13. ගන්නා ලද ක‍්‍රියාමාර්ග පිළිබඳව අදාල බලධාරීන් වෙත වාර්තා කිරීම.

14. සමීක්ෂණ වාර්තාවෙහි පිටපතක් විගණකාධිපති වෙත යොමු කිරීම.

15. අදාල බලධාරියා විසින් අපහරණ නියෝගය නිකුත් කිරීම.

16. අපහරණ මණ්ඩල පත් කිරීම. (සංයුතිය, වගකීම් හා කාර්ය භාරය ඉදිරි පාඩමකදී
       සාකච්ජා කරමි.)

17. ලංසු මණ්ඩල පත් කිරීම. (සංයුතිය, වගකීම් හා කාර්ය භාරය ඉදිරි පාඩමකදී                        සාකච්ජාකරමි.)
18. අබලි භාණ්ඩ වෙන්දේසිය.(මෙහිදී අනුගමනය කරනු ලබන ක‍්‍රියාමාර්ග ඉදිරි පාඩමකදී
       සාකච්ජා කරමි.)

19. වෙන්දේසිය පිළිබඳ වාර්තා අදාල බලධාරීන් වෙත ඉදිරිපත් කිරීම හා වෙන්දේසි කල
      භාණ්ඩවල අගය පොත් වලින් කපා හැරීම සඳහා අනුමැතිය ඉල්ලීම. (වෙන්දේසි                  වාර්තා ඉදිරිපත් කල හැකි ආකෘති පත‍්‍ර ඉදිරි පාඩමකදී සාකච්ජා කරමි.)

20. අදාල බලධාරියා විසින් මු.රෙ.109 පරිදි පොත් වලින් අස් කිරීමේ නියෝගය ලබා දීම.

21. මු.රෙ.109 පරිදි පොත් වලින් අස් කිරීමේ නියෝගයෙහි සඳහන් විධිවිධාන පරිදි                      වෙන්දේසි කල භාණ්ඩ වල අගය පොත් වලින් අස් කිරීම හා ඒ අනුව ගබඩා පොත්              තුලනය කිරීම.

22. අපහරණ නියෝගයෙහි පිටපතක් සමඟ ගනු ලැබූ ක‍්‍රියාමාර්ග පිළිබඳව                                  විගණකාධිපති වෙත වාර්තා කිරීම.

ඉතා වැදගත්  -
      භාණ්ඩ සමීක්ෂණය ආයතනයක ප‍්‍රමූඛතම කටයුත්තකි. එය කළමනාකරුවන් සිය අවධානය දැඩිව යොමු කල යුතු ඉතා සංකීර්ණ හා වගකීම් සහගත ක‍්‍රියාදාමයක් බව ඉහත පියවරයන් දෙස බැලීමේදී ඔබට වැටභෙනු ඇත. එභෙත් තවමත් මෙම  කාර්යයට වගකිව යුතු කළමනාකරණ මට්ටමේ නිලධාරීන් ප‍්‍රමාණවත් සැළකිල්ලක් නොදැක්වීම කණගාටුවට කරුණකි.


Ø භාණ්ඩ සමීක්ෂණය යනවෙන් අදහස් කරන්නේ වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය පමණක්ද? මේ ගැන ඊළඟ පාඩමේදී සාකච්ජා කරමු

Comments

Post a Comment

Popular posts from this blog

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.2 කොටස)

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.4 කොටස)

Helping Hand - අත්වැල පාඩම් අංක 01.1 - වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවලියට අදාළ නීති හා රෙගුලාසි