Tutorial 01 - Annual Board of Survay 01
Helping Hand (Sri Lanka Accountant Service)
By Upali Rajapaksa
අත්වැල - අංක 01
වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක‍්‍රියාවලිය
රාජ්‍ය අංශය තුල මේ දිනවල ඉටු කිරීමට
තිබෙන රාජකාරි අතුරින් ප‍්‍රමුඛතම රාජකාරියක් වන්නේ ආයතන වල භාණ්ඩ සමීක්ෂණ කටයුතු
සිදු කිරීමයි. ඒ අනුව අත්වැල පාඩම් මාලාව µමම විෂයෙන් ඇරඹීමට අදහස් කරමි.
පසුබිම
• රාජ්‍ය
අංශයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු (දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල ඇතුළු) සහ එම
දෙපාර්තමේන්තු වලට අයත් ප‍්‍රාදේශ්‍රීය කාර්යාල සහ ඒවායේ උප කාර්යාල වල වාර්ෂික
ගිණුම් පියවීම ප‍්‍රවර්ථන වර්ෂයේ දෙසැම්බර් මස 31 දින
මධ්‍යම රාත‍්‍රී 12 ට පෙර සිදු කල යුතුය.
• අර්ධ
රාජ්‍ය ආයතන බොහොමයක, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල වල වාර්ෂික ගිණුම්
පියවීම සෑම වසරකම මාර්තු මස 31 දින මධ්‍යම රාත‍්‍රී 12 ට
පෙර සිදු කල යුතුය.
• µමයට සමගාමීව එම ආයතන වල වාර්ෂික
භාණ්ඩ සමීක්ෂණය සිදුකර, අවශ්‍ය ගැලපීම් අවසාන ගිණුම් වලට කල යුතුව ඇත.
• වාර්ෂික
භාණ්ඩ සමීක්ෂණ කටයුතු සිදු කිරීමේදී බොහෝ ආයතන ප‍්‍රායෝගික ගැටළු රාශියකට මුහුණපාන
බව අත්දැකීමන් ප‍්‍රත්‍යක්ෂ වී ඇත.
අතීත ප‍්‍රායෝගික අත්දැකීම්
1. කාර්ය
මණ්ඩලය ප‍්‍රමාණවත් නොවීම.
2. භාණ්ඩ
සමීක්ෂණ මණ්ඩල වලට යොදවා ගනු ලබන නිලධාරීන්ට, එම කටයුතු සිදුකල යුතු
ආකාරය පිළිබඳ දැනුවත්භාවයක් නොමැති කම.
3. කලින්
භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල වල සේවය කර ඇති නිලධාරීන් යෙදවුවද අපේක්ෂිත ප‍්‍රථිපල
නොලැබීම. ඊට හේතු ලෙස,
i. භාණ්ඩ
සමීක්ෂණ කාර්යයට හා ගබඩා කළමනාකරණයට අදාල මුදල් රෙගුලාසි පිළිබඳ අවභෝධයක් නොමැති
කම
ii. ගිණුම්
මූලධර්ම පිළිබඳ අවභෝධය නොමැතිකම
iii. කරනු
ලබන නිර්දේශවල අතාත්වික බව
iv. වාර්තා
වල අවිධිමත් බව හා අසම්පූර්ණ බව
4. සමීක්ෂණ
කාර්යය සඳහා වෙන් කරනු ලබන කාලය ප‍්‍රමාණවත් නොවීම.
5. ධාරිතාවය
අනුව ප‍්‍රමාණවත් සාමාජික සංඛ්‍යාවක් ඇතුලත් නොකිරීම.
6. භාණ්ඩ
සමීක්ෂණ මණ්ඩල වලට යොදවා ගනු ලබන නිලධාරීන්, අදාල ආයතන වලින් නිසි දිනට
කාර්යය සඳහා නිදහස් නොකිරීම.
7. සමීක්ෂණයට
භාජනය වන ආයතනයේ පොත්පත් වල අසම්පූර්ණතාවය හා වර්ෂයේ අවසාන දිනට තුලනය කර නොතිබීම.
8. සමීක්ෂණයට
භාජනය වන ආයතනයේ නිලධාරීන්ගෙන් ප‍්‍රමාණවත් සහයෝගය නොලැබීම.
9. සමීක්ෂණයට
භාජනය වන ආයතනයේම නිලධාරීන් යොදා වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ කටයුතු සිදු කිරීµමන්
අපේක්ෂිත ප‍්‍රථිපල නොලැබීම.
10. භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල වලට
යොදවා ගනු ලබන නිලධාරීන්ට ගමන් ගාස්තු හා යැපීම් දීමනා හිමි නමුත් සමහර ආයතන ඒවාද
අහිමි කර තිබීම සහ එම නිලධාරීන්ට එම කාර්යය සඳහා විශේෂ දීමනාවක් නොගෙවීම හේතුවෙන්
කාර්යය අපේක්ෂිත ප‍්‍රථිපල ලඟා කරගත හැකි පරිදි ඉටු කිරීමට පෙළඹවීමක් නොමැතිකම. (Lack of Motivation)
ඉහත කරුණු පහත පරිදි වර්ග කල හැක.
පාලනය කල හැකි සාධක
පාලනය කල නොහැකි සාධක
පාලනය කල හැකි සාධක, පාලනය කිරීම සඳහා අනුගමනය කල හැකි ක‍්‍රියාමාර්ග පිළිබඳව ඉදිරි පාඩම්
වලදී සාකච්ජා කරමු.
ඔබට ජය!
Comments
Post a Comment