Introduction to Helping Hand
Helping Hand (Sri Lanka Accountant
Service)
By Upali Rajapaksa
අත්වැල
වසර 38 ක රාජ්‍ය සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලබා සිටින ශ්‍රී ලංකා
ගණකාධිකාරී සේවයේ පලමු පන්තියේ නිලධාරියෙක්මි. මාගේ මුලු රාජ්‍ය සේවා කාලය තුල
පුහුණු කරුවෙකු, සම්පත්දායකයෙකු, පහසුකම් සපයන්නෙකු
සහ උපදේශකයෙකු ලෙස කටයුතු කලෙමි. ඉන් සමහරක් පහත දක්වමි.
- ආසියානු සංවර්ධන බැංකු පහසුකම් යටතේ ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය නිලධාරීන්ගේ ධාරිතා වර්ධන වැඩ සටහන් වල සම්පත්දායකයෙකු ලෙස, Payroll හා Cigas වැඩ සටහන් හඳුන්වාදීමේදී ජාතික පුහුණුකරුවෙකු ලෙස NIBM හා INGAF ආයතනවල,
- ප්රාදේශ්රීය හා ජාතික මට්ටමේ පුහුණුකරුවෙකු ලෙස PSTI ආයතනය,
- කෙටි කාලයක් SlIDA හි ජාතික මට්ටමේ පුහුණුකරුවෙකු ලෙස,
- NILS ආයතනයේ ජාතික මට්ටමේ පුහුණුකරුවෙකු ලෙස වර්ථමානය දක්වා,
- දිවයින තුල විවිධ දිස්ත්‍රික්කයන්හි රාජ්‍ය ආයතන වල ආරාධිත සම්පත්දායකු ලෙස.
- GTZ/THSP ධාරිතා වර්ධන වැඩ සටහන් වල පුහුණු කරුවෙකු ලෙස,
මාගේ රාජ්‍ය සේවා කාලය තුල මා ලද වෘත්තීමය
අත්දැකීම් ඔබ හා බෙදාහදා ගැනීමේ කැමැත්තෙන් පසුවන බව සතුටින් ප්‍රකාශ කිරීමට
කැමැත්තෙමි. µමහි÷ÀÛ මා රටෙන් ලබා ගත්
දෑ නැවත රටට දායාද කිරීමේ සමාජ සත්කාරය මිස, වෙනත් කිසිදු අරමුණක් නොමැති බවද පවසමි.
ඉලක්ක කණ්ඩායම:-
- ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ III පන්තියේ නිලධාරීන්.
- සංවර්ධන සේවයේ සියළුම නිලධාරීන්,
- රාජ්‍ය කළමනාකරණ සේවයේ සියළුම නිලධාරීන්
- ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයට ප්රවිශ්ඨ වීමට අපේක්ෂාවෙන් සිටින පාර්ශවයන්
- අර්ධ රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු පාර්ශවයන්,
- උනන්දුවක් දක්වන ඕනෑම පාර්ශවයක්,
ආවරණය කිරීමට අපේක්ෂිත අධ්‍යයන කේෂත්රයන්:-
- රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හා ගිණුම් තැබීම (මුදල් රෙගුලාසි ආශ්රිත) (Govt. Financial Mgt.)
- රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට අදාල ආයතන සංග්‍රහයේ විධි විධාන (Provision in Establishment Code related to Finanancial Regulation)
- මුදල් පදනම් ගිණුම්කරණයේ සිට උපචිත පදනම් ගිණුම්කරණයට මාරුවීමේදී බලපාන ගැටළු (A Problems arrising when converting Cash Basis Accunting to Accrual Base Accounting)
- ස්ථාවර වත්කම් කළමනාකරණය (Fixed Assets Management)
- ගබඩා
කළමනාකරණය (Stores
Management)
- භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවලිය (Board of Survay Process)
- ප්‍රසම්පාදන ක්‍රියාවලිය (Procurement Process)
- අභ්‍යන්තර විගණන ක්‍රම ශිල්ප හා වාර්තකරණය (Internal Audit Method)
- ක්‍රියාවලි වැඩි දියුණු කිරීම (Productivty/ISO - Process Development)
µමතැන් සිට ඔබගේ
රාජකාරි කටයුතු දැනවත්භාවයෙන් යුක්තව හා කාර්යක්ෂමතාවයෙන් යුතුව ඉටු කිරීමට
අත්වැලක් වන්නෙමි. පහත සඳහන් Link මගින් මා හා සම්භන්ධ වන්න. පාඩම් සටහන් Blog එකට ඇතුලත් කරන
තෙක් රුඳී සිටින්න.
https://slaccservicehelpinghand.blogspot.com/
-
(Blog Link)
https://www.facebook.com/groups/208563019713380/
-
(Facebook Link)
Good job sir..thank u..
ReplyDelete