Helping Hand අත්වැල - අංක 01.6 - භාණ්ඩ සමීක්ෂණ කාලරාමුව

Helping Hand (Sri Lanka Accountant Service)

By Upali Rajapaksa

අත්වැල - පාඩම අංක 01. 6  

භාණ්ඩ සමීක්ෂණ කාල රාමුවට  අනුගත  වෙමු 


මා ඔබට අත්වැල - පාඩම අංක 01. 5 හිදී  මීළඟට  භාණ්ඩ සමීක්ෂණය සඳහා වන පූර්ව  සුදානම පිළිබඳ පාඩම ඉදිරිපත් කරන බව සඳහන් කලද , ඊට පෙර අවධානය යොමු කල යුතු උක්ත පාඩමට ඔබගේ අවධානය යොමු කරවමි . 

අදාල වන රෙගුලාසි 

  • මු .රෙ .128(1)ඉ 
  • මු .රෙ .527
  • මු .රෙ .756

අදාල වන චක්‍රලේඛය 


අංක PFD /RED /03/03/01 හා 2016.03.31 දිනැති රාජ්‍ය 

මුදල් චක්‍රලේඛ අංක 5/2016


පළමුවන කාල රාමුව 

අමාත්‍යංශ /දෙපාර්තමේන්තු /දිස්ත්‍රික් ලේකම් කාර්යාල - මේවාට අදාලව ප්‍රාදේශීය කාර්යාල නොමැති නම්,
  1. ප්‍රවර්තන වර්ෂයේ දෙසැම්බර් මස 15 දිනට පෙර, භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල පත් කර අවසන් කිරීම .
  2. ඊළඟ වර්ෂයේ ජනවාරි මස 15 දිනට පෙර, භාණ්ඩ සමීක්ෂණ කටයුතු සිදුකර අවසන් කිරීම. 
  3. එම වර්ෂයේම ජනවාරි මස 29 දිනට පෙර, භාණ්ඩ සමීක්ෂණ වාර්තාව දෙපාර්තමේන්තු ප්‍රධානියා /අමාත්‍යංශ ලේකම් වෙත ඉදිරිපත් කිරීම.
  4. එම වර්ෂයේම පෙබරවාරි මස 17 දිනට පෙර, භාණ්ඩ සමීක්ෂණ වාර්තාව පරිදි දෙපාර්තමේන්තු ප්‍රධානියා /අමාත්‍යංශ ලේකම් විසින් ඌනතා හා අතිරික්තතා පිළිබඳ අදාළ ආයතනය වෙත දන්වා යැවීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සහ අපහරණ නියෝගය ලබා දීම .
  5. එම වර්ෂයේම පෙබරවාරි මස 26 දිනට පෙරභාණ්ඩ සමීක්ෂණ වාර්තාව සමඟ ඉදිරිපත් කොට ඇති පොදු 47 වාර්තාවෙහි සඳහන් නිර්දේශ අනුව අපහරණ කටයුතු සිදු කිරීම හා එම වාර්තාව දෙපාර්තමේන්තු ප්‍රධානියා /අමාත්‍යංශ ලේකම් වෙත යොමු කිරීම .
  6. එම වර්ෂයේම මාර්තු මස 17 දිනට පෙර, භාණ්ඩ සමීක්ෂණ වාර්තාව ප්‍රධාන ගණන් දීමේ නිලධාරියට පිටපතක් සහිතව විගණකාධිපති වෙත යොමු කිරීම .
  7. එම වර්ෂයේම මාර්තු මස 31 දිනට පෙර, සියළු කටයුතු අවසන් කර භාණ්ඩ සමීක්ෂණ වාර්තාව විගණකාධිපති වෙත යොමු කර් ඇති බව දන්වමින් රාජ්‍ය මුදල් අධ්‍යක්ෂ ජනරාල් වෙත එහි පිටපතක් යොමු කිරීම .
දෙවන කාල රාමුව 

අමාත්‍යංශ /දෙපාර්තමේන්තු /දිස්ත්‍රික් ලේකම් කාර්යාල - මේවාට අදාලව ප්‍රාදේශීය කාර්යාල පවතින්නේ නම්, 

  1. ප්‍රවර්තන වර්ෂයේ දෙසැම්බර් මස 15 දිනට පෙර, භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල පත් කර අවසන් කිරීම .
  2. ඊළඟ වර්ෂයේ මාර්තු මස 15 දිනට පෙර, භාණ්ඩ සමීක්ෂණ කටයුතු සිදුකර අවසන් කිරීම. 
  3. එම වර්ෂයේම මාර්තු මස 31 දිනට පෙර, භාණ්ඩ සමීක්ෂණ වාර්තාව දෙපාර්තමේන්තු ප්‍රධානියා /අමාත්‍යංශ ලේකම් වෙත ඉදිරිපත් කිරීම.
  4. එම වර්ෂයේම අප්‍රේල් මස 15 දිනට පෙර, භාණ්ඩ සමීක්ෂණ වාර්තාව පරිදි දෙපාර්තමේන්තු ප්‍රධානියා /අමාත්‍යංශ ලේකම් විසින් ඌනතා හා අතිරික්තතා පිළිබඳ අදාළ ආයතනය වෙත දන්වා යැවීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සහ අපහරණ නියෝගය ලබා දීම .
  5. එම වර්ෂයේම අප්‍රේල් මස 30 දිනට පෙර, භාණ්ඩ සමීක්ෂණ වාර්තාව සමඟ ඉදිරිපත් කොට ඇති පොදු 47 වාර්තාවෙහි සඳහන් නිර්දේශ අනුව අපහරණ කටයුතු සිදු කිරීම හා එම වාර්තාව දෙපාර්තමේන්තු ප්‍රධානියා /අමාත්‍යංශ ලේකම් වෙත යොමු කිරීම .
  6. එම වර්ෂයේම ජුනි මස 15 දිනට පෙර,භාණ්ඩ සමීක්ෂණ වාර්තාව ප්‍රධාන ගණන් දීමේ නිලධාරියට පිටපතක් සහිතව විගණකාධිපති වෙත යොමු කිරීම .
  7. එම වර්ෂයේම ජුනි මස 30 දිනට පෙර, සියළු කටයුතු අවසන් කර භාණ්ඩ සමීක්ෂණ වාර්තාව විගණකාධිපති වෙත යොමු කර් ඇති බව දන්වමින් රාජ්‍ය මුදල් අධ්‍යක්ෂ ජනරාල් වෙත එහි පිටපතක් යොමු කිරීම .

භාණ්ඩ සමීක්ෂණය සඳහා වන පූර්ව  සුදානම
පිළිබඳ පාඩම  සමඟින් නැවත හමුවෙමු .

Comments

Popular posts from this blog

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.2 කොටස)

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.4 කොටස)

Helping Hand - අත්වැල පාඩම් අංක 01.1 - වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවලියට අදාළ නීති හා රෙගුලාසි