Helping Hand අත්වැල - අංක 01.8 - වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය භෞතිකව ක්‍රියාත්මක කිරීම සඳහා අනුගමනය කලයුතු ක්‍රමවේදයන්

Helping Hand (Sri Lanka Accountant Service)

By Upali Rajapaksa

අත්වැල - පාඩම අංක 01. 8  

වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය භෞතිකව ක්‍රියාත්මක කිරීම සඳහා
අනුගමනය කලයුතු ක්‍රමවේදයන්


1.     වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ කටයුතු සඳහා එකඟවූ දිනයේදී අදාල ආයතනය වෙත පැමිණි වහාම අදාල ආයතන ප්‍රධානියා, ගබඩා නිලධාරියා (ප්‍රධාන ගණකාධිකාරී / ගණකාධිකාරී) වෙතද, වාර්තා කල යුතුය.
2.       සමීක්ෂණයට අදාල පුර්ව කටයුතු සිදුකර, සමීක්ෂණයට සුදානම් වීම සඳහා ඊට අදාල පහසුකම් සහිත ස්ථානයක් සකසා ගත යුතුය.
3.       අනතුරුව ගබඩා භාරකරු වෙතින් ගබඩා කළමනාකරණය සඳහා භාවිතා කල පහත සඳහන් ගබඩා ඉන්වෙන්ටරි පොත්පත් හා ලේඛන ඉල්ලා ගත යුතුය.
                                                                     i.            මිලදී ගැනීමේ ලේඛණය
                                                                   ii.            පරිත්‍යාග ලේඛණය
                                                                  iii.            ප්‍රධාන බඩු වට්ටෝරු පොත (ප්‍රධාන ඉන්වෙන්ට්‍රිය)
                                                                  iv.            ආංශික බඩු වට්ටෝරු පොත් (ආංශික ඉන්වෙන්ටරි)
                                                                    v.            පරිගණක බඩු වට්ටෝරු පොත (පරිගණක ඉන්වෙන්ට්‍රිය)
                                                                  vi.            පාරිභෝගික භාණ්ඩ ලේඛණය
                                                                vii.            සවිකිරීම් ලේඛණය
                                                               viii.            පොත්පත් නාමාවලිය
                                                                  ix.            ස්ථාවර වත්කම් ලේඛණය
                                                                    x.            අබලි භාණ්ඩ ලේඛණය
4.       ගබඩා භාරකරු වෙතින් ගබඩා කළමනාකරණය සඳහා භාවිතා කල පහත සඳහන් තොරතුරු ඇතුලත් ලිපිගොනු ඉල්ලා ගත යුතුය.
                                             i.            ගබඩා ව්‍යවස්ථාවලිය
                                           ii.            තොග වාර්තා පත්
                                          iii.            තොග සමාලෝචන පත්‍රිකා
                                          iv.            තොග ඉල්ලුම් කිරීම සඳහා භාවිතා කල ආකෘති පත්
                                            v.            භාණ්ඩ තාවකාලිකව නිකුත් කිරීමට අදාල ලිපි ලේඛණ
                                          vi.            භාණ්ඩ ණය පදනම මත නිකුත් කිරීමට අදාල ලිපි ලේඛණ
                                        vii.            පසුගිය වර්ෂයේ නැතහොත් අවසන් වරට භාණ්ඩ සමීක්ෂණය කල වර්ෂයට අදාල භාණ්ඩ සමීක්ෂණ            වාර්තාව
                                       viii.            ගබඩා නිලධාරියා (ප්‍රධාන ගණකාධිකාරී / ගණකාධිකාරී) විසින් වරින් වර ගබඩා කළමනාකරණය                සඳහා නිකුත් කර ඇති උපදෙස් ලිපි 
5.       භාණ්ඩ සමීක්ෂණ කටයුතු ඇරබීම සඳහා මු.රෙ. අනුව අත්‍යවශ්‍ය වන පහත සඳහන් ලේඛණ ගබඩා භාරකරු වෙතින් ඉල්ලා ගත යුතුය.
                                             i.            ගබඩා භාණ්ඩ සත්‍යෙක්ෂණය - T & A 66 (භා.ග.ග.ප.66)
                                           ii.            ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ - Genaral 47 (පොදු 47)
6.       පොත්පත් නිවැරදිව තුලනය කර ඇති බවට සහතිකයක් ගබඩා නිලධාරියා (ප්‍රධාන ගණකාධිකාරී / ගණකාධිකාරී) වෙතින් ලබා ගැනීමට කටයුතු කල යුතුය.
7.       සමීක්ෂණ මණ්ඩලය, ගබඩා භාරකරු විසින් තමන් වෙත භාර දෙන ලද සියලුම් ගබඩා ඉන්වෙන්ටරි පරීක්ෂා කර, වර්ෂයේ අවසාන දිනට ඒවායේ දැක්වෙන ශේෂයන් නිවැරදි බවට තහවුරු කර ගත යුතුය. වෙනසක් ඇත්නම් ඒවා ගබඩා භාරකරු ලවා විධිමත් ලෙස නිවැරදි කරවා ගත යුතුය. නිවැරදි කිරීම්  කරන ලද ස්ථාන වල  ගබඩා නිලධාරියාගේ (ප්‍රධාන ගණකාධිකාරී / ගණකාධිකාරී) හා සමීක්ෂණ මණ්ඩලයේ සබාපතිගේ අත්සන තැබිය යුතුය.
8.   පසුගිය වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණ වාර්තාව පරීක්ෂා කොට පහත සඳහන් කරුණු පිළිබඳ නිරීක්ෂණ ලබා ගැනීම.
                                                         i.          දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නියෝගය පරිදි අතිරික්ත භාණ්ඩ පොත් වලට ගෙන ඇති බව
                                                       ii.        දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නියෝගය පරිදි ඌනතා සම්බන්ධයෙන් ඉදිරි කටයුතු අවසන් කර ඇති බව හෝ නැති බව
                                                     iii.        දී ඇති විශේෂ උපදෙස් කිසිවක් තිබේදැයි පරීක්ෂා කර ඒ අනුව කටයුතු කර ඇත්දැයි නිරීක්ෂණය කිරීම.
                                                     iv.            ඉහත කරුණු වලින් යමක් ඉටු වී නොමැති නම්, එම කරුණු පිළිබඳ නිරීක්ෂණ සිය වාර්තාව මගින් ඉදිරිපත් කිරීම සඳහා සටහන් කර ගැනීම. 
9.       සකසා ඉදිරිපත් කොට ඇති ප්‍රධාන බඩු වට්ටෝරු පොතට අදාල භා:ග:ග:ප 66 වාර්තා ඉන්වෙන්ට්‍රි ලේඛන සමග සසඳා, ඒවා නිවැරදි බවට තහවුරු කර ගැනීම. (වෙනසක් තිබේ නම්, සාකච්ඡා කොට නිවැරදි කර ගත යුතුය.)
10.   ආංශික බඩු වට්ටෝරු පොත් වලට අදාලව සකස් කර ඉදිරිපත් කර ඇති භා:ග:ග:ප 66 හි සඳහන් දත්ත ආංශික ඉන්වෙන්ට්‍රි ලේඛන සමග සසඳා නිවැරදි බව තහවුරු කර ගැනීම. (වෙනසක් තිබේ නම්, සාකච්ඡා කොට නිවැරදි කර ගත යුතුය.)
11.   වර්ෂයට අදාළ සියළුම ලැබීම් නියෝග හා නිකුත් කිරීමේ නියෝග ලබා ගෙන, ඒවායේ ඇතුළත් සටහන් නිවැරදිව ඉන්වෙන්ට්‍රි පොත් වලට ඇතුළත් කර ඇත්දැයි පරීක්ෂා කර තහවුරු කර ගැනීම.
      එසේ නොමැති නම් ඒවා ගලපා පොත්වල ශේෂයන් වහාම නිවැරදි කරවීමට කටයුතු කිරීම හා ඒ අනුව භා:ග:ග:ප: 66 හි අවශ්‍ය ගැලපීම් කිරීම. ගැලපීම් කරන ලද ස්ථාන වල ගබඩා නිලධාරියාගේ (ප්‍රධාන ගණකාධිකාරී / ගණකාධිකාරී) හා සමීක්ෂණ මණ්ඩලයේ සබාපතිගේ අත්සන තැබිය යුතුය. (මෙම ගැලපීම් හේතුවෙන් භා:ග:ග:ප: 66 විකුර්ති සහගත තත්වයක් පිළිබිඹු කරයි නම්, එම ලේඛණය අලුතෙන් නැවත සැකසීමට කටයුතු කල යුතුය.)  

මීළඟ පාඩමෙන් - භෞතිකව භාණ්ඩ සමීක්ෂණ කටයුතු ඇරඹීම සඳහා අනුගමනය කලයුතු ක්‍රමවේදයන් බලාපොරොත්තු වන්න.

Comments

Popular posts from this blog

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.2 කොටස)

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.4 කොටස)

Helping Hand - අත්වැල පාඩම් අංක 01.1 - වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවලියට අදාළ නීති හා රෙගුලාසි