Helping Hand - අත්වැල - පාඩම් අංක 01.4 - භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල පත් කිරීමේ බලධාරීන් හා සමීක්ෂණ මණ්ඩලයක සංයුතිය

Helping Hand (Sri Lanka Accountant Service)
By Upali Rajapaksa

අත්වැල - අංක 01.4   

භාණ්ඩ  සමීක්ෂණ මණ්ඩල පත් කිරීමේ බලධාරීන් 
හා භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල සංයුතිය

  • පත්වීම් බලධාරීන්


          1.      අමාත්‍යාංශයක –  ප‍්‍රධාන ගණන් දීමේ නිලධාරියා
          2.      දෙපාර්තමේන්තුවක –  ගණන් දීමේ නිලධාරියා
          3.      උප කාර්යාලයක –  ගණන් දීමේ නිලධාරියා හෝ ඔහු විසින් බලය                          පැවරූ නිලධාරියෙකු
          4.      අර්ධ රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාපිත මණ්ඩල - සභාපති, අධ්‍යක්ෂ                            ජනරාල් හෝ ඔවුන් විසින් බලය පැවරූ නිලධාරියෙකු
          3.      විශේෂ සමීක්ෂණයකදී – එහි සවභාවය අනුව - ගණන් දීමේ                                    නිලධාරියා හෝ ප‍්‍රධාන ගණන් දීමේ නිලධාරියා

  • භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයේ සංයුතිය


         I.      වගකිවයුතු නිලධාරීන් දෙදෙනෙකු
        II.     අවශ්‍ය විටක තාක්ෂණික දැනුමක් ඇති අයෙකු 3 වැනි නිලධාරියෙකූ                    ලෙස
        III.    මොවුන් ගබඩා කටයුතු භාර නිලධාර්න්ගේ යටතේ සේවය                                        කරන්නන් නොවිය යුතුය.

ඉතා වැදගත්

           වර්ථමාන/ප‍්‍රවර්ථන වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණය සඳහා වර්තමාන/ප‍්‍රවර්ථන චර්ෂයේම දෙසැම්බර් මස 15 දිනට පෙර භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල පත් කල යුතුය. (මු.රෙ.756(1)) හා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ 2016.03.31 දිනැති චක‍්‍රලේඛ අංක 5/2016 (PFD/RED/03/03/01)

විශේෂ කරුණක් ඔබේ අවධානයට

             වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ කටයුතු එම ආයතනයේම නිලධාරීන් යොදවා සිදු කල හැක. (මු.රෙ.756(2)(අ)) එහිදී වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ කටයුතු සඳහා යන පිරිවැය අවම කිරීම (ගමන් වියදම් හා යැපීම් දීමනා) සැළකිල්ලට ගනී. එභෙත් විනිවිදභාවය ඇති කර ගැනීමටත්, පාර්ශවීයභාවය වලකා ගැනීම සඳහාත්, එකම අමාත්‍යාංයක විවිධ දෙපාර්තමේන්තු වලට අයත් නිලධාරීන්, ඒ ඒ දෙපාර්තමේන්තු අතර හුවමාරු කොට ගෙන වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල වලට පත් කිරීම අරමුණු සපුරා ගැනීම සඳහා වන වඩාත් ප‍්‍රථිඑලදායී ක‍්‍රමයක් ලෙස විස්තර කල හැක.

භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක ප‍්‍රධාන කාර්ය භාරය

          1.      ගබඩා භාණ්ඩවල භෞතික පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා                          සත්‍යෙක්ෂනය කිරීම (හරි වැරදි බැලීම).
          2.      ප‍්‍රයෝජනයට ගත නොහැකි ගබඩා භාණ්ඩ පිළිබඳව පත්වීම්                                  බලධාරියා වෙත වාර්තා කිරීම. (මු.රෙ.757)

(වත්කම් සත්‍යක්ෂණය ක‍්‍රියාවලිය පිළිබඳව වත්කම් 
කළමනාකරණය පිළිබඳ පාඩම් මාලාවේදී සාකච්ජා 
කරමි)


භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයකට සාමාජිකයන් පත් කිරීම සඳහා පත්වීමේ ලිපියක් සකසා ගන්නා ආකාරය හා ආදර්ශ පත්වීමේ ලිපියක් ඊළඟ පාඩµමන් බලාපොරොත්තු වන්න.

Comments

Popular posts from this blog

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.2 කොටස)

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.4 කොටස)

Helping Hand - අත්වැල පාඩම් අංක 01.1 - වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවලියට අදාළ නීති හා රෙගුලාසි