Helping Hand අත්වැල - 01-11 - අපහරණ ක්‍රියාවලිය ( 11 කොටස)
Helping Hand (Sri Lanka Accountant Service) By Upali Rajapaksa අත්වැල - පාඩම අංක 01. 11 අපහරණ ක්‍රියාවලිය ( 11 කොටස) අපහරණ කටයුතු ක්‍රියාත්මක කිරීම 1 අපහරණය සඳහා දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නියෝගය ලද වහාම අපහරණ කටයුතු ආරම්භ කල යුතුය. 2 ඊට පෙර උපදෙස් ලිපියේ සඳහන් නියෝග පරිදි අතිරික්තතා පොත් වලට ගත යුතුය. 3 ඌනතා සම්බන්ධයෙන් කරුණු දැක්වීම හා අවශ්‍ය නම් මු.රෙ.104 හි සඳහන් විධි විධාන අනුව පරීක්ෂණ ඇරඹීම කළ යුතුය. 4 සමීක්ෂණ මණ්ඩලය විසින් විශේෂයෙන් සොයාගත් කරුණු පිළිබඳව, දී ඇති උපදෙස් පරිදි කටයුතු කර, එසේ කටයුතු කරන ලද බවට දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත වාර්තා කළ යුතුය. 5 පොදු 47 හි සඳහන් භාවිතයට ගත නොහැකි භාණ්ඩ හඳුනා ගෙන වර්ග කර ආරක්ෂිතව තැබිය යුතුය. 6 R අක්ෂරය දරණ භාණ්ඩ අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කල යුතුය. 7 T අක්ෂරය දරණ භාණ්ඩ විකල්ප භාවිතා කරන්නන් සොයා බලා ඔවුන් වෙත මාරු කිරීම . 8 S අක්ෂරය දරණ භාණ්ඩ වෙන්දේසි කිරීමට යෝජිත හෙයින් ඒ සඳහා අවම ලංසු තීරණයට මාණ්ඩලික නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් ලංසු මණ්ඩලයක් පත් කල යුතුය. 9 ලංසු මණ්ඩලය විස...