Helping Hand අත්වැල - 01-11 - අපහරණ ක්‍රියාවලිය ( 11 කොටස)


Helping Hand (Sri Lanka Accountant Service)

By Upali Rajapaksa


අත්වැල - පාඩම අංක 01. 11 අපහරණ ක්‍රියාවලිය (11 කොටස)



අපහරණ කටයුතු ක්‍රියාත්මක කිරීම
1අපහරණය සඳහා දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නියෝගය ලද වහාම අපහරණ කටයුතු ආරම්භ කල යුතුය. 
2ඊට පෙර උපදෙස් ලිපියේ සඳහන් නියෝග පරිදි අතිරික්තතා පොත් වලට ගත යුතුය.
3ඌනතා සම්බන්ධයෙන් කරුණු දැක්වීම හා අවශ්‍ය නම් මු.රෙ.104 හි සඳහන් විධි විධාන අනුව පරීක්ෂණ ඇරඹීම කළ යුතුය.
4සමීක්ෂණ මණ්ඩලය විසින් විශේෂයෙන් සොයාගත් කරුණු පිළිබඳව, දී ඇති උපදෙස් පරිදි කටයුතු කර, එසේ කටයුතු කරන ලද බවට දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත වාර්තා කළ යුතුය.
5පොදු 47 හි සඳහන් භාවිතයට ගත නොහැකි භාණ්ඩ හඳුනා ගෙන වර්ග කර ආරක්ෂිතව තැබිය යුතුය.
6R අක්ෂරය දරණ භාණ්ඩ අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කල යුතුය.
7T අක්ෂරය දරණ භාණ්ඩ විකල්ප භාවිතා කරන්නන් සොයා බලා ඔවුන් වෙත මාරු කිරීම.
8S අක්ෂරය දරණ භාණ්ඩ වෙන්දේසි කිරීමට යෝජිත හෙයින් ඒ සඳහා අවම ලංසු තීරණයට මාණ්ඩලික නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් ලංසු මණ්ඩලයක් පත් කල යුතුය.
9ලංසු මණ්ඩලය විසින් නිර්දේශ කොට ඉදිරිපත් කරනු ලබන අවම ලංසු ලැයිස්තුවට දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අනුමැතිය ලබා දිය යුතුය.
1වෙන්දේසි කරනු ලබන දිනය හා භාණ්ඩ පිළිබඳව රජයේ ආයතනවල හා වෙනත් ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රසිද්ධියට පත් කල යුතුය. 
1භාණ්ඩ වෙන්දේසි කිරීමට හා විනාශ කිරීමට අපහරණ කමිටුවක් පත් කල යුතුය. අපහරණ කමිටුවට ඒ සඳහා පහත සඳහන් ක්‍රමවේදයන් භාවිත කල හැක.
                                i.            අවශ්‍යතා සහිත භාවිත කරන්නන් වෙත බෙදා හැරීම
                              ii.            විකල්ප භාවිත කරන්නන් සොයා බැලීම
                            iii.            අමතර කොටස් ලෙස භාවිතයට ගැනීම
                            iv.            ප්‍රතිචක්‍රීකරණය
                              v.            මුද්‍රා තැබූ මිල ගණන් කැඳවීම සඳහා දැන්වීම් පල කිරීම
                            vi.            විනාශ කිරීම (වල දැමීම)
1නියමිත දිනයේදී සමීක්ෂණ මණ්ඩල සාමාජිකයකු ඉදිරියේ අපහරණය කටයුතු එනම් භාණ්ඩ වෙන්දේසි කිරීම හා විනාශ කිරීම කළ යුතුය.
1භාණ්ඩ වෙන්දේසි කිරීමට පෙර කටයුතු නිරීක්ෂණය සඳහා පැමිණි සමීක්ෂණ මණ්ඩල සාමාජිකයා සහ තවත් වගකිවයුතු නිලධාරියෙකු විසින් භාණ්ඩ අලෙවියට පෙර හා අලෙවියෙන් පසු පොදු 47 මගින් අපහරණයට නිර්දේශ කල භාණ්ඩ වෙනුවට වෙනත් හොඳ භාණ්ඩ ආදේශ කර නොමැති බවටත්, ඒවායේ ඇති අබලි අමතර කොටස්  වෙනුවට හොඳ අමතර කොටස් සවිකර නොමැති බවටත්, සහතික කර ගත යුතුය.
1විකිණීම සඳහා ඉදිරිපත් කල යම් භාණ්ඩයක් සඳහා කිසිදු ලංසු ඉදිරිපත් කිරීමක් සිදු නොවුනි නම් හා  විකුණූ භාණ්ඩ නියමිත කාලය තුල ගැනුම්කරුවන් විසින් ඉවත් කර නොගත්තේ නම්, එම භාණ්ඩ සඳහා වන අවම ලංසුව ප්‍රතිශෝධනය කර, ඊළඟ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කල යුතුය. එහිදීද එම භාණ්ඩය සඳහා කිසිදු ලංසු ඉදිරිපත් කිරීමක් සිදු නොවුනි නම්, ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා හෝ ගණන් දීමේ නිලධාරියාගේ උපදෙස් හා නියෝග මත අපහරණ කමිටුව ඉදිරියේ එම භාණ්ඩ විනාශ කොට වල දැමීමට කටයුතු කල යුතුය.
1අපහරණ ක්‍රියාවලිය යටතේ විකුණනු ලබන භාණ්ඩ සඳහා අයකර ගත් මුල්‍යමය වටිනාකම අදාළ ආදායම් ප්‍රාග්ධන ආදායම් - ප්‍රාග්ධන වත්කම් විකිණීම - 20.06.02.00 ශීර්ෂය යටතේ රජයේ ආදායමට බැර කල යුතුය.
1අපහරණ වාර්තා අපහරණ කමිටුව විසින් නියමිත කාල රාමුව තුල ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා හෝ ගණන් දීමේ නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කල යුතුය.
1විකුණන ලද හා විනාශ කරන ලද භාණ්ඩ පොත්වලින් කපා හැරීම් සඳහා විධිමත් අධිකාරිය මු.රෙ.109.1 යටතේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා හෝ ගණන් දීමේ නිලධාරියා වෙතින් ඉල්ලුම් කල යුතුය.
1පොත්වලින් කපා හැරීම් සඳහා ඉල්ලුම් කිරීමේදී පහත සඳහන් වාර්තාද ඒ සමඟ ඉදිරිපත් කල යුතුය.
                                            I.            වෙන්දේසි කළ භාණ්ඩ පිළිබඳ විස්තර ඇතුලත් ලයිස්තුව (එහි පහත තොරතුරු ඇතුලත් කල යුතුය.)     
a.       අයිතමයේ නම
b.      ප්‍රමාණය
c.       අවම ලංසු මුදල
d.      විකුණන ලද වටිනාකම
e.       මිලදී ගත් පුද්ගලයාගේ නම සහ ලිපිනය
f.        රිසිට් පත් අංකය
g.      දිනය
h.      අපහරණ මණ්ඩලයේ සියළුම සාමාජිකයන්ගේ අත්සන්
                                                     II.            විනාශ කළ භාණ්ඩ පිළිබඳ විස්තර ඇතුළත් ලැයිස්තුව (එහි පහත විස්තර ඇතුළත් කළ යුතුය)
a.       අයිතමයේ නම
b.      ප්‍රමාණය
c.       අපහරණ මණ්ඩල සාමාජිකයන්ගේ අත්සන්
d.      දිනය
                                                  III.            වෙන්දේසි නොවූ භාණ්ඩ පිළිබඳ විස්තර (එහි පහත විස්තර ඇතුළත් කළ යුතුය)
a.       අයිතමයේ නම
b.      ප්‍රමාණය
c.       අවම ලංසු මුදල
d.      ලංසු නොලැබීමට හේතු පිලිබඳ නිරීක්ෂණ
e.       අපහරණ මණ්ඩල සාමාජිකයන්ගේ අත්සන්
f.        දිනය
භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක නිර්දේශයක් රහිතව භාණ්ඩ ගර්භිත කිරීම
භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක නිර්දේශයක් රහිතව භාණ්ඩ ගර්භිත කිරීමට ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා හෝ ගණන් දීමේ නිලධාරියාට පහත සඳහන් අවස්ථාවල බලය ඇත.
  1. ඉක්මනින් නරක් වන භාණ්ඩ
  2. ආපසු අයකර ගත හැකි වටිනාකමෙහි උපරිම අගය රු.1000 ට වඩා වැඩි නොවන භාණ්ඩ නැතිවීම්
  3. ආපසු අයකර ගත හැකි වටිනාකමෙහි උපරිම අගය රු.1000 ට වඩා වැඩි වන නමුත් රු.10000 ට වඩා වැඩි නොවන සහ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වෙතින් අනුමැතිය ලද භාණ්ඩ නැතිවීම්
  4. සත්ව උද්‍යාන වල සතුන්, ආහාර ද්‍රව්‍ය නරක වීම්, වැනි නැතිවීම් පිළිබඳව රාජ්‍ය මුදල් අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් ලබාදී ඇති පොදු සීමාවන්  මත

සමීක්ෂණ මණ්ඩලයක නිර්දේශයක් යටතේ අපහරණය සඳහා අනුගමනය කරනු ලබන ක්‍රියා පටිපාටීන් ඒ අයුරින්ම මෙහිදීද අනුගමනය කල යුතුය. අපහරණ නියෝගය, අපහරණය සඳහා අනුගමනය කරන ලද ක්‍රියා පටිපාටිය ආදිය ඇතුලත් වාර්තාවක් විගණකාධිපති වරයා වෙත ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාට හා භාණ්ඩාගාරයේ රාජ්‍ය මුදල් අධ්‍යක්ෂ වරයාටද පිටපතක් සහිතව නියමිත කාල රාමුව ඇතුලත යැවීමට කටයුතු කල යුතුය.
මු:රෙ: 109 පරිදි පොතෙන් කපා හැරීමට ඉල්ලීම හා කපා හැරීමට බලය දීම.

  1. ඉහත සඳහන් I, II, III, වශයෙන් දක්වන ලද අපහරණ වාර්තා සමග මු.රෙ. 109 (I) හි දැක්වෙන විධි විධාන ප්‍රකාරව අපහරණය කළ භාණ්ඩ පෙතෙන් කපා හැරීම සඳහා ඉල්ලුම් කළ යුතුය.
  2. එකී ඉල්ලුම් පත්‍ර ලද පසු එම  I හා II වාර්තාවල දැක්වෙන තොරතුරු පොදු 47 හි දැක්වෙන තොරතුරු සමග 100% ක්ම ගැලපෙන බවටත් සෑහීමට පත් විය යුතුය.
  3. යම් හෙයකින් පොදු 47 මගින් නිර්දේශ කොට බලය ලබා දෙන ලද භාණ්ඩ වලට අමතරව, වෙනත් හෝ අනුමත භාණ්ඩ වලින් වැඩි ඒකක ප්‍රමාණයක් වෙන්දේසි කර හෝ විනාශ කර ඇත්නම්, එකී බලය නොලත් කටයුත්තක් සිදු කිරීම පිලිබඳව ඊට වගකිව යුතු නිලධාරීන් වෙතින් නිදහසට කරුනු විමසිය යුතුය.
  4. ඉන් අනතුරුව, පොදු 47 හි අනුමැතිය දී අපහරණයට ලක් කළ භාණ්ඩ සඳහා පමණක් මු.රෙ. 109 (I) යටතේ පොතෙන් කපා හැරීමේ නියෝගය දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් ලබා දිය යුතුය.
  5. එම බලය දීමේ ලිපියේ පිටපතක් භාණ්ඩාගාරයේ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවට හා විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙත යැවිය යුතුය.
 මු:රෙ: 109 පරිදි පොතෙන් කපා හැරීම

  1. දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙතින් පොතෙන් කපා හැරීමේ බලය දීමේ ලිපිය ලද වහාම එහි සඳහන් භාණ්ඩ බඩු වට්ටෝරු පොත් වලින් කපා හැරීමට කටයුතු කළ යුතුය.
  2. අදාළ ස්ථානවල බලය දීමේ ලිපි අංකය ඇතුළත් කළ යුතුය.
  3. එම ස්ථානවල ගබඩා නිලධාරියාගේ අත්සන යෙදිය යුතුය.
  4. මෙම කටයුත්ත අදාළ වර්ෂය තුළ දීම එනම්, ඊළඟ භාණ්ඩ සමීක්ෂණය සඳහා පොත් තුලනය කිරීමට පෙර කළ යුතුය. 
  •  භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවළිය පිලිබඳ පාඩම් මාලාව මින් සමාප්තයි.
(මීළඟට වත්කම් කළමනාකරණ පාඩමෙන් නැවත හමුවෙමු. 
ඔබට ජය !)

Comments

Popular posts from this blog

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.2 කොටස)

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.4 කොටස)

Helping Hand - අත්වැල පාඩම් අංක 01.1 - වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවලියට අදාළ නීති හා රෙගුලාසි