Helping Hand අත්වැල - 01-11 - අපහරණ ක්‍රියාවලිය (1 කොටස)


Helping Hand (Sri Lanka Accountant Service)
By Upali Rajapaksa

අත්වැල - පාඩම අංක 01. 11 අපහරණ ක්‍රියාවලිය (1 කොටස)


අපහරණ ක්‍රියාවලිය


භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලය විසින් දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති භාණ්ඩ සමීක්ෂණ වාර්තාව මත පදනම්ව දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින්, පොදු 47 වාර්තාවෙහි සඳහන් කර ඇති, ඔහු විසින් අපහරණය කිරීමට අනුමත කල භාණ්ඩ සඳහා මුදල් රෙගුලාසි මත පදනම්ව අපහරණ නියෝගයක් ලබා දෙනු ඇත.
පොදු 47 වාර්තාවෙහි සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම්
  1. සමීක්ෂණ මණ්ඩලය සිය වාර්තාව මගින් යෝජනා කර ඇති නිර්දේශ ඉතා ගැඹුරින් අධ්‍යයනය කොට ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා හෝ ගණන් දීමේ නිලධාරියා විසින් අපහරණ නියෝගය ලබා දෙනු ඇත.
  2. සමීක්ෂණ මණ්ඩලය විසින් යෝජනා කර ඇති නිර්දේශ පිළිබඳව සෑහීමට පත් නොවන්නේ නම්, සමීක්ෂණ මණ්ඩලයෙන් නැවත විමසා කරුණු පැහැදිලි කරවාගෙන අවසන් තීරණය ලබා දීමට කටයුතු කල යුතුය.
  3. ඉහත ඉලක්ක සපුරා ගැනීමේ කටයුත්ත ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා හෝ ගණන් දීමේ නිලධාරියා විසින් වෙනත් ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරියෙකු වෙත පැවරිය හැක.
  4. යමි භාණ්ඩයක් මිලදී ගත් වටිනාකම රුපියල් 100000/= ඉක්මවයි නම්, එම  භාණ්ඩ විකිණීම හෝ විනාශ කිරීම, එම භාණ්ඩ පිලිබඳ විශේෂඤතාවයක් ඇති ස්වාධීන රජයේ නිලධාරියෙකුගේ අදහස් සළකා බැලීමකින් තොරව නොකළ යුතුය.
ඉතා වැදගත්
සමීක්ෂණ මණ්ඩලයක නිර්දේශයකින් තොරව ඉන්වෙන්ට්‍රි ලේඛණ වල අඩංගු කිසිදු භාණ්ඩයක් ගර්භිත කිරීම හෝ පොත්වලින් කපා හැරීම හෝ සිදු නොකළ යුතුය. (අමාත්‍යාංශ ලේකම් වරයෙකුට වුවද ඒ සඳහා කිසිඳු බලයක් නොමැත.)

පොදු 47 ආකෘතිය මගින් භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලය හෙළිදරව් කරන කරුණු මොනවාද ?
  1. භාණ්ඩ සමීක්ෂණ කටයුතු ඇරබීමට පෙර අදාල ආයතනයේ ගබඩා භාරකරු විසින් සිය ආයතනය තුල පවත්නා ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ මොනවාදැයි හඳුනාගෙන පොදු 47 වාර්තාවෙහි ඇතුලත් කර සත්‍යෙක්ෂණය කිරීම සඳහා ඉදිරිපත්  කිරීමට කටයුතු කරනු ඇත. මේ සඳහා ඔහුගේ හා ගබඩා නිලධාරියාගේ පුර්ව රාජකාරිමය අත්දැකීම් භාවිතයට ගනු ඇත.
  2. සාමාන්‍යයෙන් මෙකී ලැයිස්තුව සකසනු ලබන්නේ භාණ්ඩ සමීක්ෂණයෙදී කරනු ලබන සොයා ගැනීම් වලින් පසුවය.
  3. ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ මොනවාද? ඒවා පහත පරිදි වර්ග කල හැක.
                                i.      ආයතනය ප්‍රයෝජනයට ගෙන භාවිතය නිසා නැවත අළුත්වැඩියා කල නොහැකි ලෙස අබලන්වූ භාණ්ඩ
                               ii.    ආයතනය ප්‍රයෝජනයට ගෙන භාවිතය නිසා අබලන්වූ නමුත් නැවත අළුත්වැඩියා කල හැකි භාණ්ඩ
                             iii.     භාවිතයට නොගෙන කල් ඉකුත් වූ භාණ්ඩ
                             iv.      අනතරු හේතු කොටගෙන අබලන්වූ භාණ්ඩ
                               v.     ස්වභාවික හේතු, කෘමි සතුන් , මීයන් , වෙයන් ගෙන් වන හානි හේතු කොටගෙන අබලන්වූ භාණ්ඩ
                             vi.      ගොඩනැගිලි, වාහන. යන්ත්‍ර සුත්‍ර  ආදිය අලුත් වැඩියාවේදී ඉවත් කල ගෙවීගිය අමතර කොටස් හා භාණ්ඩ 
                           vii.     ආයතනය විසින් මිලදී ගත් නමුත් අවශ්‍යතාවයනට නොගැලපෙන නිසා භාවිතයට නොගෙන අලුත් තත්වයෙන්ම දිගු කලක් ගබඩාවේ පවතින භාණ්ඩ
  1. විශේෂ අවස්ථා වලදී ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ සමීක්ෂණය සඳහා, විශේෂ සමීක්ෂණ මණ්ඩල පත් කිරීමට ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාට හා ගණන් දීමේ නිලධාරියාට හැකියාව ඇත.
  2. විදුලි උපකරණ, වාහන, යන්ත්‍රෝපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා වන සමීක්ෂණ මණ්ඩල වලට ඒවා පිලිබඳ හසල දැනුමක් ඇති අයෙකු පත් කල යුතු වන්නේ ආයතනය තුල ඇති ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ නිවැරදිව හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වන හෙයිනි.
  3. සමීක්ෂණ මණ්ඩලයේ මුලිකම කාර්ය භාරය වන්නේ ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ අපහරණය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමයි. කෙසේ වුවද, මෙම ආයතනයට ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ වෙනත් රාජ්‍ය ආයතනයකට ප්‍රයෝජනයට ගත හැකි බවට සහතික වීමකින් තොරව එම භාණ්ඩ විකිණීම සඳහා නිර්දේශ නොකළ යුතුය.
ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ සඳහා ලබාදිය හැකි නිර්දේශ වර්ග 
Rඅළුත්වැඩියා කොට නැවත භාවිතයට ගත හැකි භාණ්ඩ

T භාවිතය සඳහා වෙනත් ආයතනයකට මාරු කල යුතු භාණ්ඩ 

Sප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීම මගින් හෝ ප්‍රසිද්ධ                වෙන්දේසියක් මගින් විකිණිය යුතු භාණ්ඩ 

Dවිනාශ කොට වල දැමිය යුතු භාණ්ඩ


  • මීළඟ පාඩමෙන් අපහරණ ක්‍රියාවලිය (II කොටස) පිළිබඳව 

බලාපොරොත්තු වන්න.

Comments

Popular posts from this blog

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.2 කොටස)

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.4 කොටස)

Helping Hand - අත්වැල පාඩම් අංක 01.1 - වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවලියට අදාළ නීති හා රෙගුලාසි