Helping Hand අත්වැල - අංක 01-9 භෞතිකව භාණ්ඩ සමීක්ෂණ කටයුතු ඇරඹීම


Helping Hand (Sri Lanka Accountant Service)

By Upali Rajapaksa

අත්වැල - පාඩම අංක 01.9

භෞතිකව භාණ්ඩ සමීක්ෂණ කටයුතු ඇරඹීම

මෙහිදී පහත පියවරයන් අනුගමනය කරමින් වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමට කටයුතු කල යුතුය .
1.   භෞතික සමීක්ෂණ කටයුතු ඇරඹීම සඳහා පුර්ව අවශ්‍යතා සපුරා ගැනීම
                                 I.    ආංශික බඩු වට්ටෝරු පොත් සකසා ඇත්නම්, ආංශික පදනමින් භෞතික සමීක්ෂණය             ඇරඹීම.
                               II.      සමීක්ෂණ ආකෘතියේ ප්‍රමාණවත් පිටපත් සංඛ්‍යාවක් සකසා ගැනීම.
                               III.    අංශ අනුව සමීක්ෂණ පත්‍රිකා වෙන වෙනම සකසා ගැනීම.
                       IV.             අංශවල එකතුව ඒකාබද්ධ සමීක්ෂණ වාර්තාවකට ගත හැකි පරිදි ඒකාබද්ධ සමීක්ෂණ වාර්තාවක් සැකසීම. (සියළුම අංශ ඇතුළත් කොට)
                              V.          ආංශික සමීක්ෂණ වාර්තාව හා ඒකාබද්ධ සමීක්ෂණ වාර්තාව තුළ භා:ග:ග:ප 66 හි සඳහන් අයිතම අංකය හා අයිතමයේ නම පමණක් පූර්වයේ දී ඇතුළත් කර ගැනීම. (සැ.යු:- මෙම සමීක්ෂණ වාර්තා අදාළ ආයතනය විසින් පූර්වයේ දී සකසා තැබීම මගින් සමීක්ෂණ කාර්යය ඉතා නිවැරදිව හා පහසුවෙන් කළ හැකි වනු ඇත.)
                              VI.   අපහරණය කළ යුතු භාණ්ඩ හුනා ගැනීමට පාට 4 ට අදාල පෑන් සපයා ගැනීම.

2.       සමීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීම
                             I.            භෞතිකව භාණ්ඩ පරීක්ෂා කිරීමේ දී, අදාල භාණ්ඩය සමීක්ෂණයට භාජනය කරන ලද බවට  හා භා:ග:ග:ප. 66 අනුව නිවැරදි බවට තහවුරු කිරීම සඳහා Permanent Marker පෑන් භාවිතා කොට සමීක්ෂණ සංකේතයන් එම භාණ්ඩයේ සටහන් කිරීම.
                               II.            ඊට සමගාමීව සමීක්ෂණ පත්‍රිකාවේ අදාළ ප්‍රගණන සළකුණ ඇතුළත් කිරීම.
                             III.            එම අවස්ථාවේ දීම එම භාණ්ඩය භාවිතා කළ හැකිද, නොහැකිද, යන්න නිගමනය කර එම භාණ්ඩයට යෙදිය යුතු අපහරණ සංකේතය තීරණය කොට අදාල ප්‍රගණන සළකුණ මත අදාල පාටින් සළකුණු කිරීම. (S - වෙන්දේසි කල යුතු, T - වෙනත් රාජ්‍ය ආයතනයකට මාරු කල යුතු D - විනාශ කල යුතු R - අලුත්වැඩියා කල යුතු)
                            IV.            ඒ ආකාරයෙන් සෑම භාණ්ඩයක්ම සමීක්ෂණයට ලක් කොට සමීක්ෂණ වාර්තාවේ සටහන් කර ගැනීම
                          V.            කපා හරින ලද ප්‍රගණන ලකුණු වල එකතුව ආංශික සමීක්ෂණ වාර්තාවේ අදාල තීරුවේ සටහන් කිරීම.
                       VI.            පාට කර ඇති භාණ්ඩ වල එකතුව, S - TD - R තීරුවල සුදුසු පරිදි එකතුවක් ලෙස දැක්වීම.
                           VII.            ආංශික සමීක්ෂණ වාර්තාවේ තීරුවල එකතුව නිවැරදි ද යන්න නැවත පරීක්ෂා කර, එම එකතූන් අදාළ භා:ග:ග:ප: 66 වාර්තාවේ උචිත පරිදි සටහන් කිරීම.
              VIII.            ඉන් අනතුරුව පොත්වල ශේෂය හා තත්‍ය ශේෂය සසඳා ප්‍රතිඵලය ඌනතාවක් ද අතිරික්තතාවක්ද යන්න  භා:ග:ග:ප: 66 හි අදාළ තීරුවල සටහන් කිරීම.
                                IX.            අදාළ අතිරික්තතා හා ඌනතා පිළිබඳව ගබඩා භාරකරු හා ගබඩා නිලධාරියා දැනුවත් කර තත්වය නිවැරදි කර ගැනීමට අවස්ථාව ලබා දීම.
                          X.            සමීක්ෂණ පත්‍රිකාවල දැක්වෙන පාට 04 න් සළකුණු කළ ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ සියල්ලම පොදු 47 වාර්තා වලට ඇතුළත් කර  සමීක්ෂණ පත්‍රිකාවේ පාට කර ඇති ආකාරයටම S - T - D - R ප්‍රමාණාත්මකව වර්ග කර දක්වන්න.
                             XI.            විශේෂයෙන් කිවයුතු කරුණු ඇතොත් එම වාර්තා වල අදාල තීරුවේ සටහන් කිරීම 
                           XII.            භා:ග:ග:ප: 66 හා පොදු 47 වාර්තාවේ අදාල ස්ථාන වල සමීක්ෂණ මණ්ඩල සභාපති අතුළු සාමාජිකයින් දිනය යොදා අත්සන් කල යුතුය.
                         XIII.          භා:ග:ග:ප: 66 හා පොදු 47 ට අදාළ අධික්ෂණ මණ්ඩලික නිලධාරියාගේ අත්සන ලබා ගත යුතුය.
                     XIV.   සියලුම වාර්තා වලට සභාපති ඇතුළු සමීක්ෂණ මණ්ඩල සාමාජිකයන් සියලු දෙනාම අත්සන් තබා, භාණ්ඩ සමීක්ෂණ කාල රාමුවෙහි සඳහන් ඒ සඳහා අවසාන දිනට පෙර, ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා හෝ ගණන් දීමේ නිලධාරියා වෙත ඉදිරිපත් කල යුතුය.


මීළඟ පාඩමෙන් වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ වාර්තාව ප්‍රශස්ත ආකාරයෙන් සකසා ගන්නා ආකාරය සළකා බලමු 

Comments

Popular posts from this blog

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.2 කොටස)

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.4 කොටස)

Helping Hand - අත්වැල පාඩම් අංක 01.1 - වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවලියට අදාළ නීති හා රෙගුලාසි