Helping Hand අත්වැල - " වත්කම් කළමනාකරණය" පාඩම 2.3 කොටස


"වත්කම් කළමනාකරණය"
2.3 අත්වැල
වත්කම් කළමනාකරණයේදී පැන නගින ගැටළු

ආයතනයක පවත්නා වත්කම් කාර්යක්ෂම ලෙස භාවිතයට ගැනීමට පවතින භාධාවන් ලෙස පහත කරුණු හඳුනාගෙන ඇත.

1.   ආයතනික ගැටළු
                              i.        ආයතනයට නීතිමය හිමිකම ඇති සියලුම ආකාරයේ වත්කම් පුර්ණ ලෙස හඳුනා නොගැනීම.
                            ii.        ආයතනයට නීතිමය හිමිකම ඇති සියලුම ආකාරයේ වත්කම් අත්පත් කර ගැනීමේ දිනට අගයට හෝ තක්සේරු අගයට පුර්ණ ලෙස ගිණුම්ගත/වාර්තා නොකිරීම.
                           iii.        ආයතනයට නීතිමය හිමිකම නොමැති වත්කම් භාරයේ තබා ගැනීම හා ගිණුම්/වාර්තා ආදියට ගිණුම් මුලධර්ම වලට පටහැනිව ඇතුලත් කර තිබීම.
                           iv.        වත්කම් පිලිබඳ අධීක්ෂණය ප‍්‍රමාණවත් නොවීම
                            v.        වත්කම් භාරව සිටින හා භාවිතයට ගන්නා පාර්ශවයන් අතර සම්භන්ධීකරණයේ උෘනතා
                           vi.        වත්කම් වල නාස්තිය පිළිබඳ තොරතුරු ලබා දීම දුර්වල වීම හා ඒ පිළිබඳ දැනුවත්භාවය අඩු වීම
                         vii.        වත්කම් අපයෝජනය කරන්නන් වෙත දඩුවම් ලබා දීමට වලංගු භාවයක් නොමැති වීම
                        viii.        වත්කම් අනාර්ථික ලෙස භාවිතා කිරීම.

2.   වැරදි පිරිවිතරයන්

                              i.        අධි ධාරිතාවය හෝ  උෘණ ධාරිතාවයක් සහිත වත්කම් අත්පත් කරගෙන තිබීම.
                            ii.        යල් පැන ගිය තාක්ෂණික තත්වයේ වත්කම් වීම හෝ අවශ්‍යතා මට්ටමට වඩා ඉහළ සුවිශේෂී තත්වයේ වත්කම් වීම. (Sophisticated)
                           iii.        ආයතනයේ පරිසරයට සුදුසු නොවන වත්කම් මිළට ගැනීම
                           iv.        ආයතනයේ අවශ්‍යතාවයන්ට නොගැලපෙන දුර්වල තත්වයන් හා මාදිලීන් සහිත ඒවා වීම.

3.   වෙනත් හේතු

                              i.        වත්කම් වැරදි ලෙස (අනිසි ලෙස) භාවිතා කිරීම
                            ii.        අවිධිමත් නඩත්තුව
                           iii.        දුර්වල ආරක්ෂාව
                           iv.        විධිමත් පුහුණුවක් හා මඟ පෙන්වීමක් රහිතව සේවකයන් විසින් වත්කම් භාවිතා කිරීම
                            v.        වගවීම  හා වගකීම් භාවයන්හි උෘනතා
                           vi.        වත්කම් අපහරණය ප‍්‍රමාද වීම
                         vii.        සොරකම්, වංචා හා දූෂණ
           
වත්කම් භාවිතයේ අකාර්යක්ෂමතාව වලක්වා ගැනීම සඳහා භාවිතා කල හැකි ක්‍රමවේදයන්

1.      ආයතනයට නීතිමය හිමිකම ඇති සියලුම ආකාරයේ වත්කම් නිවැරදිව හඳුනා ගැනීම.
2.      වත්කම් අත්පත් කර ගැනීමේදී ආයතනයේ අවශ්‍යතාවලට ගැලපෙන පරිවිතර සකසා ගැනීම.
3.      රාජ්‍ය වත්කම් භාවිතය පිළිබඳ විමර්ශණය හා අධීක්ෂණය සඳහා වන ඒකකයක් ආයතනය තුල ඇති කිරීම.
4.      එම ඒකකය මගින් නිළධාරීන්ට වත්කම් භාවිතයට අදාල මාර්ගෝපදේශ සැපයීම හා ඒ අනුව කටයුතු කරන්නේද යන්න සොයා බැලීම සඳහා අධීක්ෂණයේ නිරතුරුව නියැලීම.
5.      වත්කම් වල නාස්තිය සිදුවන මාර්ග හෝ අංශ හඳුනා ගැනීම සඳහා මනා අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් අවදානම් කළමනාකරණ කමිටුවක් (RMP – Risk Management Panal – මේ පිළිබඳව පසුව සාකච්ජා කරනු ඇත.) මගින් සකසා ක්‍රියාත්මක කිරීම.
6.      ආයතනය තුල හා ඉන් පිටතට වත්කම් මාරු කිරීම හා බෙදා හැරීම පිළිබඳ කියාවලි (Process Concept) සංකල්පය භාවිතා කොට පවතින වත්කම් එහි උපරිම ධාරිතාවයෙන් භාවිතා වන බවට වග බලා ගැනීම.
7.      වත්කම් ආරක්ෂාව පිළිබඳ වගකීම ස්ථීර ලෙසම යම් නිශ්චිත නිළධාරියෙකු වෙත පැවරීම.

(මීළඟට වත්කමක් හඳුනා ගන්නේ කෙසේද?” පාඩම බලාපොරොත්තු වන්න.)

Comments

Popular posts from this blog

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.2 කොටස)

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.4 කොටස)

Helping Hand - අත්වැල පාඩම් අංක 01.1 - වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවලියට අදාළ නීති හා රෙගුලාසි