Helping Hand අත්වැල - අවිනිශ්චිත අවස්ථා අරමුදල් භාවිතයට ගැනීම හා වගවීම (Accountability) පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක් (පළමු කොටස)
අවිනිශ්චිත අවස්ථා අරමුදල්
භාවිතයට ගැනීම හා වගවීම (Accountability) පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක් (පළමු කොටස)
අද කොරෝනා වසංගතයට රට මුහුණ දී ඇති මොහොතක මෙම අත්දැකීම රාජ්‍ය
නිලධාරීන්ට ඉතා වැදගත් වියහැකි බව මගේ විශ්වාසයයි.
දිනය - 2005 දෙසැම්බර් මස 26 වැනි දින
සිද්ධිය - සුනාමි
උදම් රල පහර
ප්‍රතිඵලය - මිනිස් ජිවිත 40000 කට වැඩි ප්‍රමාණයක් ක්ෂණිකව රටට අහිමි උනා.
රාජ්‍ය සහ පෞද්ගලික දේපල විශාල ප්‍රමාණයක් විනාශ උනා. ජිවිත බේරාගත් නමුත් නිවාස
සහ දේපල අහිමි උන වෙරළාසන්න ගම් දනව් වල මිනිසුන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් පාසල්, පන්සල්, පල්ලි
හා වෙනත් පොදු ස්ථානවල රැකවරණය පතා පැමිණියා. ඔවුනට අත්‍යවශ්‍ය අවශ්‍යතාවයන්
සපුරාලීම අද වගේම එදත් රජයේ ප්‍රමුඛම කාර්යභාරයක් බවට පත් උනා.
අප කල දේ -
මා සේවය කල මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් සම්පුර්ණයෙන්ම
සුනාමියට හසු උනා. දිස්ත්‍රික් ලේකම්
තුමාත් සුනාමි රළ පහරට හසුවී අනුනමයෙන් දිවි ගලවා ගත්තා. නමුත් එතුමා ප්‍රතිකාර
ලබා ගෙන එදිනම් සවස මාතර බෝධි ආරක්ෂක සභා මන්දිරයට සිය රාජකාරි කටයුතු ක්‍රියාත්මක
කිරීමට පැමිණි බව සැලවූ වහාම මමත් එතනට ගියා. අප වහාම සුනාමි සහන කටයුතු ඇරඹුවා.
මුලින්ම ආධාර ගලාගෙන ආවේ පුද්ගලයන්ගෙන්. විශේෂයෙන්ම ආහාර, ඇඳුම් පැළදුම් හා බෙහෙත් වර්ග.දෙසැම්බර් 28 වැනිදා වන විට සමාජසේවා අමාත්‍යංශයෙන් හා
පෞද්ගලික අංශයෙන් ආධාර ගලාගෙන ආපු නිසා බෝධි ආරක්ෂක සභා මන්දිරය ඉඩකඩ මඳ වූ නිසා
මැද්දවත්ත පිහිටි ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩාව භාවිතයට ගත්තා.
2006 ජනවාරි මස 01 දින වන විට ලෝක ආහාර සංවිධානයත් ආධාර
දීමට ඉදිරිපත් උනා. ඒ නිසා මැද්දවත්ත ගබඩාවත් ඉඩකඩ මඳ වූ නිසා සතොස සභාපති තුමාගේ
අවසරය මත ගබඩාවිදියේ ෆිහිටි ගබඩා සංකීර්ණය තාවකාලිකව පවරා ගෙන සහන කටයුතු ක්‍රියාත්මක
කිරීමට කටයුතු කලා. එහි රාජ්‍ය නිලධාරීන් 100 කට වැඩි පිරිසකුත්, අනියම්
කම්කරුවන් 75 කට වැඩි පිරිසකුත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුත් කටයුතු
කළා. ආරම්භයේ සිට 2008 වසර අවසානය දක්වා මා එහි ප්‍රධානියා
ලෙස කටයුතු කල අතර, ලෝක ආහාර සංවිධානයේ දිස්ත්‍රික්
කළමනාකරණ ඒකකයේ ප්‍රධානියා ලෙසද කටයුතු කළා.
මේ
ටික කිව්වේ මේ අවස්ථාවේදී අවිනිශ්චිත අවස්ථා අරමුදල් භාවිතයට ගැනීමේ පසුබිම
පැහැදිලි කර දීමටයි.
විශේෂ අවස්ථාවක්
2005 දෙසැම්බර් මස 28
වැනි දින මාතර බෝධි ආරක්ෂක සභා මන්දිරයට පැමිණි ප්‍රාදේශීය සභා දේශපාලකයෙක් (ප්‍රධාන
පක්ෂ දෙකට අයත් නොවන) පහත කටයුතු ඉටුකළ හැකි බව දිසාපති තුමාට ප්‍රකාශ කළා.
කාර්යයන්
1. දිස්ත්රික් ලේකම් කාර්යාලය දින 02 ක්
ඇතුලත පිරිසිදු කර දිය හැකි බව හා ලියකියවිලි ආරක්ෂාව සහතික කර දිය හැකි බව.
2. මාතර නගර සීමාව සම්පුර්ණයෙන්ම සෝදා පිරිසිදු කර දිය හැකි බව.
3. නගරයේ කානු තුල සිරවී ඇති හා වෙනත් ආශ්රිත ප්රදේශවල මෙතෙක් සොයා නොගත් මළමිනී සොයාගෙන ඉවත් කල හැකි බව.
කොන්දේසි
1. කිසිදු මුදලක් හෝ ආහාරපාන හෝ වෙනත් කිසිදු පහසුකමක් අවශ්‍ය නොවන බව හා සියල්ල පක්ෂ සාමාජිකයන් විසින් ඉටු කරනු ලබන බව.
2. ජල බවුසර් 10 ක්
අවශ්‍ය බව
3. වාහන 40 ක්
සඳහා ඉන්ධන අවශ්‍ය බව.(කිසිදු ඉන්ධන හලක ඉන්ධන නොමැති වීම හේතුවෙන්)
දිසාපති තුමා යෙදී සිටි භාරදුර කටයුතු හේතුවෙන් මෙම ඉල්ලීම පිළබඳ
කටයුතු කිරීමේ වගකීම මා වෙත පැවරුවා.
පළමුවෙන්ම අදාල ඉල්ලීම ලිඛිතව කරන ලෙසත්, ඉන්ධන අවශ්‍යවන වාහනවල ලියාපදිංචි අංකය, අයිතිකරුගේ නම හා ලිපිනය සහ ටැංකියේ ඉන්ධන
ධාරිතාවය පිලිබඳ විස්තර විධිමත් ලියවිල්ලකින් ලබා දෙන ලෙස ඔවුන් දැනුවත් කළා.
ඔවුන් අදාල ලිපි ලබා දුන් පසු දිසාපති තුමාගේ අනුමැතිය ලබාගෙන ජලය ලබා දීමටත්, මේ වන විට පෞද්ගලික අංශයට ඉන්ධන නිකුත් කිරීමට
තහනම් කර තිබු අකුරැස්ස විවිධ සේවා සමුපකාර සමිතියට අදාල ලේඛනයේ සඳහන් වාහනවල
ඉන්ධන ධාරිතාවයට අනුව ඉන්ධන සපයන ලෙසත් නියෝග කලා.
මොවුන් මෙම ද්‍රව්‍ය යොදාගෙන දින දෙකක් ඇතුලත ඔවුන් පොරොන්දු වූ
පරිදි මාතර නගරයත්, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත්
පිරිසිදු කර අවසන් කළා. 2006 ජනවාරි 01 වැනිදා වන විට සුළුවෙන් හෝ දිස්ත්‍රික් ලේකම්
කාර්යාලයේ කටයුතු අරඹා දිසාපති තුමාටත් මාතර බෝධි ආරක්ෂක සභා මන්දිරයෙන් ඉවත්ව එහි
යාමට හැකි උනා. මේ පිළිබඳව දෙසැම්බර් මස 30 වන
දින "මාතර පුරවරය දින 03 ක්
තුල යලි පිබිදෙයි" යනුවෙන් ප්‍රධාන සිරස්තලය වශයෙන් සඳහන් කරමින් සුනාමියෙන්
ඇද වැටුණු නගර අතරින් යලි නැගිටින ලද පළමු නගරය ලෙස ප්‍රසංශා සහගතව සටහන් කර
තිබුනා.
මේ
පිළිබඳ පුර්ණ ගෞරවය එම කටයුත්තට සම්භන්ධ වූ සියලු පාර්ශවයන්ට මේ අවස්ථාවේදීද නැවත
පුද කරමු.
මේ අතරතුර මළමිනී සොයා ගැනීම සඳහා 10 දෙනෙකුගෙන් යුත් බෙල්ජියම් සහන සේවා කණ්ඩායමකුත් පැමිණියා. මෙහිදී Wheels Lanka මාතර ශාඛාව විසින් ඔවුන් සතු ලියාපදිංචි නොකළ
ට්‍රක් රථ 10 ක් පුර්ණ ඉන්ධන සහිතව අප වෙත නොමිලේ
ලබා දෙන ලදී. කාර්යය අවසන් කර මෙම රථ ආපසු භාර දෙන විට ඉන්ධන පුරවා දීමට අප
සුදානම් වුවද, එය පවා එම ආයතනය ප්‍රතික්ෂේප කරන ලදී.
එහි පුර්ණ ගෞරවය එම ආයතනයට හිමිවේ. මෙම තොරතුරු බොහෝ අප්‍රකට බැවින් වටිනාකම ඉහලය.
මීළඟට අවිනිශ්චිත අවස්ථා අරමුදල්
භාවිතයට ගැනීම හා වගවීම (Accountability) පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක් (දෙවන කොටස)
බලාපොරොත්තු වන්න.
Comments
Post a Comment