Helping Hand අත්වැල - අවිනිශ්චිත අවස්ථා අරමුදල
අවිනිශ්චිත අවස්ථා අරමුදල
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන
151 ව්‍යවස්ථාව -
(1) 149 ව්‍යවස්ථාවේ කුමන විධිවිධානයක් තිබුනද, අනපේක්ෂිත හදිසි වියදම් සැපයීම සඳහා අවිනිශ්චිත
අවස්ථා අරමුදලක් නීතියෙන් පිහිටුවීමට පාර්ලිමේන්තුවට බලය ඇත.
(2) (අ) අනපේක්ෂිත හදිසි වියදමක් දැරීම අවශ්‍ය
බවද,
(ආ)
එවැනි වියදම් සඳහා ප‍්‍රතිපාදන සලසා නොමැති බවද,
මුදල් විෂය භාර අමාත්‍යවරයාට අවභෝධ වුවහොත්, ජනාධිපතිවරයාගේ එකඟත්වයෙන් අවිනිශ්චිත
අවස්ථා අරමුදලෙන් අත්තිකාරමක් ලෙස එම වියදම දැරීමට අවශ්‍ය මුදල ලබා දීමට නියෝග
කිරීමට මුදල් විෂය භාර අමාත්‍යවරයාට බලය ඇත.
(2) අවිනිශ්චිත
අවස්ථා අරමුදලෙන් අත්තිකාරමක් ලෙස ලබා දුන් සෑම අවස්ථාවකදීම, එම මුදල ආපසු ගෙවීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක්
අප‍්‍රමාදව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතුය.
අවිනිශ්චිත අවස්ථා අරමුදල
අනපේක්ෂිත හදිසි අවස්ථා (වසංගත තත්වයන්, ගංවතුර, නායයාම්,
ලැව්ගිනි, සුනාමි,
හදිසි ත‍්‍රස්තවාදී ප‍්‍රහාර) වලදී අවශ්‍ය වියදම් පියවා
ගැනීම පිණිස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 151 ව්‍යවස්ථාව
මගින් අවිනිශ්චිත අවස්ථා අරමුදලක් පිහිටුවීමට ප‍්‍රතිපාදන සළසා ඇත. ඉහත දැක්වු
ආකාරයේ හදිසි තත්වයන් ඇතිවූ අවස්ථාවකදී මුදල් විෂය භාර ඇමතිවරයාට,
(අ) අනපේක්ෂිත හදිසි වියදමක් දැරීම අවශ්‍ය බවද,
(ආ) එවැනි වියදම් සඳහා ප‍්‍රතිපාදන සලසා
නොමැති බවද,
අවභෝධ
වුවහොත් ජනාධිපතිවරයාගේ එකඟත්වයෙන් අවිනිශ්චිත අවස්ථා අරමුදලෙන් අත්තිකාරමක් ලෙස
එම වියදම දැරීමට අවශ්‍ය මුදල ලබා දීමට නියෝග කල හැක.
µමහිදී
අනුගමනය කරනු ලබන ක‍්‍රියාපටිපාටිය පහත පරිදි වේ.
i. (1) අවිනිශ්චිත අවස්ථා
වොරන්ට් බල පත‍්‍රය මගින් අධිකාරී බලය ලද වහාම අවිනිශ්චිත අවස්ථා අරමුදලෙන් අත්තිකාරමක් ලබා ගැනීම.
ii. (2) හදිසි අවස්ථාව සඳහා වියදම්
කරනු ලබන මුදල් සාමාන්‍ය ක‍්‍රියාපටිපාටිය යටතේ දැනට තිබෙන වැය විෂයයන් යටතේ සමාන්‍ය පරිදි ගිණුම් ගත කිරීම.
iii. (3) හදිසි අවස්ථාව පහව ගිය
වහාම එසේ වියදම් කල මුදලට සමානව පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.
iv. (4) පරිපූරක ඇස්තමේන්තුව
සම්මත කල පසු ලබාගත් අත්තිකාරම පියවා දැමීම.
µමම ක‍්‍රියාවලිය අනුගමනය කිරීµමන්
සාමාන්‍ය පරිදි විසර්ජන පනතට ඇතුලත් නොවු එවැනි වියදම් දැරීම නිත්‍යානුකුල බවට පත්
වේ.
ගිණුම් තැබීමේ ක්‍රියාවලිය
(1)
මුදල් එවන විට - භාණ්ඩාගාර
පොත්වල
අවිනිශ්චිත අවස්ථා අරමුදල් ගිණුම හර (අදාල
සංකේතය යටතේ)
මුදල් ගිණුම බැර (අග්‍රිම ගිණුම / අක්මුදල්
ගිණුම )
(2) (2) මුදල් ලැබීම - භාණ්ඩාගාරයෙන්
අවිනිශ්චිත අවස්ථා අරමුදලින් ඔබ ආයතනයට අත්තිකාරම් මුදලක් එවන විට, භාණ්ඩාගාරයේ පොත් වල ඇති ගිණුම් සංකේත අංකයද එවනු ඇත.
ලැබෙන මුදල් පහත පරිදි ගිණුම් ගත කරන්න.
මුදල් ගිණුම හර
අවිනිශ්චිත අවස්ථා අරමුදල් ගිණුම බැර (අදාල
සංකේතය යටතේ)
(3) අදාල කාරණාව යටතේ මුදල් වියදම් කරන විට
ඒ ඒ අදාල වැය ශීර්ෂයන් හර (සාමාන්‍ය පරිදි)
මුදල් ගිණුම බැර
මෙහිදී අයවැයෙන් සම්මත දැනට තිබෙන වැය ශිර්ෂ යටතේ ඒ ඒ වියදම් සඳහා වෙන්කළ ප්‍රතිපාදන
සීමාව ඉක්මවා වියදම් දැරිය හැකි අතර, ඒ සඳහා
භාණ්ඩාගාරයේ පුර්ව අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය නොවේ. (වොරන්ට් බලපත්‍රයක් යටතේ අත්තිකාරම්
ලබා දී ඇති බැවින්)
මෙහිදී ඔබ ආයතනයට අනුමත වැය ශිර්ෂයකින් නොව
වෙනත් විශේෂ වැය ශිර්ෂයකින් වියදම් දැරීමට සිදුවේනම්, ඒ සඳහා භාණ්ඩාගාරයේ පුර්ව අනුමැතිය අදාල වැය ශිර්ෂ සංකේත
අංකය සමඟ ලබා ගත යුතුය.
(4) (4)වියදම් ප්‍රතිපුරණය
- මෙහිදී ප්‍රතිපුරණය කල යුතු මුදල සැකසෙන්නේ
හදිසි අවස්ථාව වෙනුවෙන් දැරූ වියදම සහ අත්තිකරමේ ඉතිරි මුදල යන දෙකේ
එකතුවෙනි.
i.
මෙහිදී පළමුව වියදම්
වූ මුදල සොයා ගත යුතුය. එය සොයා ගැනීම සඳහා ඒ ඒ වැය ශිර්ෂ වලින් හදිසි අවස්ථාව
සඳහා දැරූ වියදම වෙන්කර ගත යුතුය. (මෙහිදී ආරම්භයේදීම ඒ සඳහා වෙනම ලේජරයක් භාවිතා
කිරීම සුදුසුය.)
ii.
ඉන් අනතුරුව ඒ ඒ වැය
ශිර්ෂ සඳහා අවශ්‍ය අතිරේඛ ප්‍රතිපාදන ප්‍රමාණය සඳහන් කරමින් හදිසි අවස්ථාව
වෙනුවෙන් දැරූ වියදමට අදාල පරිපුරක ඇස්තමේන්තුවක් සකස් කොට භාණ්ඩාගාරය වෙත
ඉදිරිපත් කල යුතුය. භාණ්ඩාගාරය විසින් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් සකසා අමාත්‍ය
මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කොට අදාල පරිපුරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවෙන්
අනුමත කරවා ගනු ඇත. අනුමත කල පසු ඒ සඳහා විශේෂ වොරන්ට් බලපත්‍රයක් නිකුත් කරනු ඇත.
iii.
ඒ අනුව එම අතිරේක ප්‍රතිපාදන
ප්‍රමාණය වර්ෂයේ මුල ඔබ ආයතනය සඳහා වෙන් කල මුල් ප්‍රතිපාදන ප්‍රමාණයට එකතු කල විට
ඔබ ආයතනයේ පොත්වලින් ඉක්මවා යමක් පිළිඹිබු නොකරනු ඇත.
(5) (5) පරිපුරක ඇස්තමේන්තුවේ
වටිනකමට භාණ්ඩාගාරයෙන් අක්මුදල් ලද විට,
පරිපුරක ඇස්තමේන්තුව සම්මත වූ වහාම, එම ප්‍රමාණයට සමාන අක්මුදල් ප්‍රමාණයක් භාණ්ඩාගාරයෙන් ඔබ ආයතනයට ලබා දෙනු ඇත. එහිදී,
මුදල් ගිණුම හර
භාණ්ඩාගාර අක්මුදල් ගිණුම බැර
(6) (6) අත්තිකාරම මුදලින් පියවීම
අවිනිශ්චිත අවස්ථා
අරමුදලින් ඔබ ආයතනයට ලැබුණු අත්තිකාරම අදාල කාර්යයන් අවසාන වූ වහාම පියවිය යුතුය. එහිදී, වියදම් වූ මුදලට සමාන ප්‍රමාණය හා අත්තිකාරමෙන්
ඉතිරියක් තිබේනම් එම ප්‍රමාණය යන දෙකේ එකතුව
අවිනිශ්චිත අවස්ථා අරමුදල් ගිණුම හර (අදාල
සංකේතය යටතේ)
මුදල් ගිණුම බැර
සටහන
මෙම ක්‍රියාවලිය අවසානයේ අවිනිශ්චිත අවස්ථා අරමුදලින් නිදහස් කරනු ලබන
මුදල් ප්‍රමාණයන් ආපසු එම අරමුදලට ලැබෙන බැවින්, ඉදිරියේදී පැන නගින ඕනෑම හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට
ගත හැකි පරිදි එම අරමුදලේ මුදල් ඉතිරිව පවතී. එය යම් ආකාරයකට චක්‍රීය අරමුදලකට
සමාන වේ.
(මීළඟට අවිනිශ්චිත අවස්ථා අරමුදල් භාවිතයට ගැනීම හා වගවීම (Accountability) පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක්)
Comments
Post a Comment