රාජ්‍ය මුල්‍ය පාලනය හා ජනාධිපතිවරයාගේ බලතල පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක්
රාජ්‍ය
මුල්‍ය පාලනය හා ජනාධිපතිවරයාගේ බලතල පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක්
2020 ජුනි මස 03 දින
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පරිදි ඉදිරි දිනක මහා මැතිවරණය පවත්වනු ඇත. දැනට පවතින
රජයේ විය හියදම් දැරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට පාර්ලිමේන්තුව නැවත කැඳවීම අවශ්‍ය
නොවන බවට ඉන් ගම්‍ය වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (3) වගන්තිය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය කිසිදු අර්ථ දැක්වීමක්
කර නොමැති බැවින් එහි සඳහන් බලතල ක්‍රියාත්මක කිරීමට ජනාධිපති වරයාට හිමි අයිතිය
කිසිදු ලෙසකින් අභියෝගයට ලක්වී නොමැත.
පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද්දේ 2020 වසර සඳහා විසර්ජන කෙටුම්පත් පනත ඉදිරිපත් කිරීමට පෙර
බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (3) වගන්තියෙහි
සඳහන් මුල්‍ය බලතල ක්‍රියාත්මක කිරීමේ පුර්ණ බලය ජනාධිපති වරයා සතුවේ. කෙසේ වුවද
භාරකාර රජයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඒ සඳහා ලබා ගත යුතු වේ. පාර්ලිමේන්තුව
විසුරුවා හැරීම පිලිබඳ පළමු ගැසට් නිවේදනයේ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය ලෙස 2020 මැයි මස 14 දිනය
සඳහන් වුවද, මහා මැතිවරණය 2020 ජුනි මස 22 දිනට
කල් තැබූ ගැසට් නිවේදනයේ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය සඳහන් නොකිරීම බරපතල
අඩුපාඩුවක් ලෙස දකිමි. 2020.06.08 දින නිකුත් කිරීමට
නියමිත මහා මැතිවරණය පැවැත්වීමේ දිනය ඇතුලත් ගැසට් නිවේදනය මගින් එම වරද නිවැරදි
කර නව පාර්ලිමේන්තුව කැඳවන දිනය සඳහන් කිරීමට කටයුතු කරනු ඇතැයි විශ්වාස කරමි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (3) වගන්තියෙහි පැහැදිලිව දක්වා ඇත්තේ විසර්ජන කෙටුම්පත් පනත
ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරි විටක නව පාර්ලිමේන්තුව කැඳවීමට
නියමිත දින සිට ඉදිරියට මාස 03 ක කාලයක් සඳහා රජයේ
වියදම් දැරීමට ජනාධිපති වරයාට බලතල හිමිවන බවයි. ඒ අනුව නිකුත් කිරීමට නියමිත නව
ගැසට් නිවේදනයේ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය ලෙස සඳහන් දිනයේ සිට ඉදිරියට මාස 03 ක කාලයක් සඳහා රජයේ වියදම් දැරීමට ජනාධිපති වරයාට
කිසිදු භාධාවක් නොමැත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (3) වගන්තියෙහි එවැනි මාස 03 ක
කාලයක් ලබා දී ඇත්තේ පත්වන නව රජයට සිය රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකුලව නව රජයේ
මංගල විසර්ජන කෙටුම්පත් පනත ඉදිරිපත් කිරීමට ඉඩකඩ ලබා දීම සඳහාය. එම මාස 03 ක කාලය අවසන් වීමට පෙර වාර්ෂික විසර්ජන කෙටුම්පත් පනත
නව රජය විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. මෙහිදී 2020 ජනවාරි 01 දින
සිට රජය විසින් දරන ලද වියදම්ද ආවරණය වන ලෙස විසර්ජන කෙටුම්පත් පනත ඉදිරිපත් කරනු
ඇත.
Comments
Post a Comment