Helping Hand අත්වැල - " වත්කම් කළමනාකරණය" පාඩම 2.4 කොටස
"වත්කම් කළමනාකරණය"
2.4 අත්වැල
වත්කමක් හඳුනා ගන්නේ කෙසේද?
වත්කමක් හඳුනා ගත
හැකි ආකාරයන්
පහත දක්වන ආකාරයේ ලක්ෂණ පවතින දෑ
වත්කම් ලෙස හඳුනා ගනු ලැබේ.
1. භාණ්ඩ හා සේවා සැපයීමේදී හෝ
නිෂ්පාදනයේදී යොදාගනු ලබන වත්කම්
2. වත්කම් නඩත්තු කිරීමේදී යොදාගනු ලබන
වත්කම්
3. අඛණ්ඩ භාවිතය සඳහා යොදාගනු ලබන, පරිභෝජනය හෝ අලෙවිය සඳහා නොවන වත්කම්
4. වසරකට අධික ජීව කාලයක් සහිත වත්කම්
වත්කම් වර්ගීකරණයන්
1. ආර්ථික පදනමින් වර්ගීකරණය
·
චංචල හා නිශ්චල
·
ස්පෘෂ්‍ය ශා අස්පෘශ්‍ය
2. ගිණුම්කරණ පදනමින් වර්ගීකරණය
·
අන්තර් ජාතික ගිණූම්කරණ ප්‍රමිත අනූව (ආයතනයේ සවභාවය අනුව)
·
අන්තර් ජාතික රාජ්‍ය ගිණූම්කරණ ප්‍රමිත අනූව
ගිණුම්කරණයේදී
වත්කම් පහත පරිදි වර්ගීකරණය කල හැක.
F මූලික වත්කම් වර්ගීකරණය
1. ජංගම නොවන වත්කම් (ස්ථාවර වත්කම්)
2. තොගය
3. වටිනා භාණ්ඩ
4. නිෂ්පාදනය නොකල වත්කම්
මෙම
මුලික වත්කම් වර්ගීකරණය ඒ ඒ ස්ථරය මත නැවත උප කොටස් වලට බෙදිය හැක.
I.
ජංගම නොවන වත්කම් (ස්ථාවර වත්කම්)
a) ගොඩනැගිලි සහ ව්‍යුහයන්
b) නිර්වාසික ගොඩනැගිලි
c) වෙනත් ව්‍යුහයන්
d) යන්ත‍්‍ර සූත‍්‍ර සහ උපකරණ
e) ප‍්‍රවාහන උපකරණ
f) වෙනත් යන්ත‍්‍ර සූත‍්‍ර සහ උපකරණ
II.
ඉන්වෙන්ටරි (බඩු තොග)
a) උපාය මාර්ගික තොග
(ඉඳි කිරීම් කටයුතු, වත්කම් නඩත්තුවට හා පුනරුත්ථාපනයට යොදා ගනු ලබන
භාණ්ඩ)
b) අමු ද්‍රව්‍ය
c) අර්ධ නිමි භාණ්ඩ
d) නිමි භාණ්ඩ
e) නැවත විකිණීීම සඳහා වන භාණ්ඩ
III.
වටිනා භාණ්ඩ
IV.
නිෂ්පාදනය නොකල භාණ්ඩ
a) භූමිය
b) භූගත වත්කම්
c) වෙනත් සවභාවික වත්කම්
d) අස්පර්ෂණීය නිෂ්පාදනය නොකල වත්කම්
F ජංගම නොවන වත්කම් (ස්ථාවර වත්කම්) ගිණුම් සංකේතාංක අනුව
පහත පරිදි වර්ගීකරණය කල හැක.
1. වාහන (2101)
2. ගෘහ භාණ්ඩ හා කාර්යාලයීය උපකරණ (2102)
3. කර්මාන්තශාලා, යන්ත‍්‍ර සූත‍්‍ර සහ උපකරණ (2103)
4. ගොඩනැගිලි සහ ව්‍යුහයන් (2104)
5. භූමිය සහ භූමි සංවර්ධනය (2105)
6. වෙනත් (2106)
(මීළඟට “වත්කම්
අත්පත් කර ගැනීමේ ප්‍රභවයන්”පාඩම
බලාපොරොත්තු වන්න.)
Comments
Post a Comment