Helping Hand අත්වැල - " වත්කම් කළමනාකරණය" පාඩම 2.8 කොටස


වත්කම් කළමනාකරණය
2.8 අත්වැල
අත්පත් කරගත් වත්කම් පිලිබඳ ගිණුම් තැබීම (තෙවන කොටස)

වත්කම් ගිණුම් තැබීම පිලිබඳ ගිණුම් මූලධර්ම

1.      දැනටමත් පවතින 2004 වසරට පෙර මිලදී ගත් මුලාශ්‍ර ලියවිලි මගින් වටිනාකම තහවුරු කරගත නොහැකි ජංගම නොවන වත්කම් වල වටිනාකම විශේෂ වත්කම් සත්‍යක්ෂණය කිරීමේ මණ්ඩලයක් මගින් තක්සේරු කල යුතුය. එම කටයුත්ත ගිණුම් තැබීමේ අරමුණෙන් පමණක් කරනු ලබන්නකි.

2.      2004 වසරේ සිට සෑම වසරක් තුලම මිළදී ගනු ලබන ස්ථාවර වත්කම්  වල අත්පත් කරගත් දිනට වටිනාකම හෝ වැඩිදියුණු කිරීමට ගිය වටිනාකම ඇතුලත් කල යුතුය.

3.      2004 වසරේ සිට පරිත්‍යාග වශයෙන් ලැබෙන (සිය අරමුදල් වලින් මිලදී නොගත්) සියලුම ජංගම නොවන වත්කම් වල වටිනාකම ගිණුම් තුලට ඇතුලත් කල යුතුය. ඒවායේ වටිනාකම හෙළිදරව් කර ගත නොහැකි නම් තක්සේරු අගය පොත් වලට ගත යුතුය. වර්තමානයේදී පරිත්‍යාග වල වටිනාකම් මුල්‍ය නොවන වත්කම් පිලිබඳ ප්‍රකාශයේ 02 තීරුවේ අනෙකුත් අනෙකුත් ආයතන වලින් යන උප තීරුවේ සටහන් කල යුතුය. අදාල පරිදි වත්කම් ලේඛන වලද සටහන් කල යුතුය.

4.      ජංගම නොවන වත්කම් ප්‍රත්‍යාගනණය කරනු ලබන්නේ නම් එමගින් සිදුවන අගය වෙනස් වීම මුල්‍ය නොවන වත්කම් පිලිබඳ ප්‍රකාශයේ අංක 03 තීරුව යටතේ අදාල පරිදි අගය වෙනස් වීමේ ලාභ අලාභ තීරුවෙහි සටහන් කල යුතුය. (මෙය දැනට අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු වලට අදාල නොවන නමුත් අනෙකුත් සියලුම ආයතන වලට අදාල වේ.) 

5.      සියලු ජංගම නොවන වත්කම් ගිණුම් තැබීමේ අරමුණ සඳහා පමණක් පහත පරිදි කෂය කිරීම් කල යුතුය. (මෙය දැනට අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු වලට අදාල නොවන නමුත් අනෙකුත් සියලුම ආයතන වලට අදාල වේ.) 
වර්ගය                                                   ප‍්‍රතිශතය
                                                        i.            ගොඩනැගිලි                                                      2.5%
                                                       ii.            සැකිළි                                                              5.0%
                                                     iii.            යන්ත‍්‍ර හා පිරියත                                               10.0%
                                                     iv.            උපකරණ                                                         20.0%
                                                       v.            වාහන                                                               20.0%
මෙම ප්‍රතිශතයන් උපචිත පදනම යටතේ ගිණුම් තබන වෙනත් රටවල රාජ්‍ය ආයතන අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන් හා ජ්‍යාත්‍යන්තරව පිළිගත් ගිණුම්කරණ ප්‍රත්පත්ති අනුව සකසා ඇත. (SLPSAS 07 ශ්‍රී ලංකා රාජ්‍ය ගිණුම්කරණ ප්‍රතිපත්ති)

5.      අපහරණය කරනු ලබන සියළු ජංගම නොවන වත්කම්  වලින් ලැබෙන ආදායම රජයේ ආදායමට බැර කල යුතුය.
ආදායම් සංකේත අංකය                                    විස්තරය
                   20.06.02.01                                          වාහන
                   20.06.02.02                                          අනෙකුත්
·         ඉහත සංකේතාංක සඳහා අදායම් ගණන්දීමේ නිලධාරියා වන්නේ කොම්ප්රෝලර් ජනරාල් වරයාය.

උපචිත පදනම් ක්‍රමය යටතේ වත්කම් ගිණුම් තැබීම

2013 වසරේ ඔබ ආයතනය විසින් වාර්ෂික විසර්ජන ගිණුම සමඟ උපචිත පදනම යටතේ භාණ්ඩාගාරය වෙත ගිණුම් වාර්තා ඉදිරිපත් කර තිබුනේ නම්,

·         2006 වසරේ සිට පවත්වාගෙන ආ මුල්‍ය නොවන වත්කම් ලේඛන වල වටිනාකම් පහත පරිදි ගිණුම් ගත කර තිබෙනු ඇත.
අදාල මුල්‍ය නොවන වත්කම් ගිණුම්                     හර
මුල්‍ය නොවන වත්කම් පිලිබඳ සංචිත ගිණුම             බැර

·         2013 වසරේ සිට අලුතෙන් මිලදී ගන්නා ලද හා පරිත්‍යාග වශයෙන් ලද මුල්‍ය නොවන වත්කම් ලේඛන වල වටිනාකම් පහත පරිදි ගිණුම් ගත කර තිබෙනු ඇත.

අදාල මුල්‍ය නොවන වත්කම් ගිණුම්                     හර

මුල්‍ය නොවන වත්කම් පිලිබඳ සංචිත ගිණුම             බැර

·         2013 වසරේ සිට මේ දක්වා පසුව තක්සේරු කරන ලද පෙර සිට පැවති මුල්‍ය නොවන වත්කම් වල වටිනාකම හා  මුල්‍ය නොවන වත්කම් ප්‍රත්‍යාගනණයෙන් වත්කම් වල වටිනාකම ඉහල යාම,

අදාල මුල්‍ය නොවන වත්කම් ගිණුම්                     හර

මුල්‍ය නොවන වත්කම් පිලිබඳ සංචිත ගිණුම             බැර

·         2013 වසරේ සිට මේ දක්වා ආයතනයට නිත්‍යානුකුල අයිතිය නොමැති හෝ ජංගම වත්කම් මුල්‍ය නොවන වත්කම් ලෙස දක්වා තිබුණු විට ඒවායේ අගයන් සහ  මුල්‍ය නොවන වත්කම් ප්‍රත්‍යාගනණයෙන් වත්කම් වල වටිනාකම පහල යාම,

මුල්‍ය නොවන වත්කම් පිලිබඳ සංචිත ගිණුම             හර

අදාල මුල්‍ය නොවන වත්කම් ගිණුම්                     බැර

වැදගත්
අමාත්‍යංශ වලට හා දෙපාර්තමේන්තු වලට මුල්‍ය නොවන වත්කම් ක්ෂය කිරීම සඳහා මේ දක්වා චක්‍රලේඛ මගින් අවසර ලබා දී නොමැති බැවින් එම ආයතන ක්‍ෂය පිලිබඳ ගැලපීම් නොකළ යුතුය. ඉදිරි දිනකදී ඒ සඳහා අවසරය ලැබුනහොත් එම ගැලපීම සඳහා ඉහත ජර්නල් සටහනම භාවිතා කල යුතුය.

සටහන
මෙම පාඩම් කොටස බොහෝ අයට නවමු අත්දැකීමක් විය හැකි බැවින්, වැඩිදුර කරුණු පැහැදිලි කර ගනීම සඳහා ඔබගේ අදහස හෝ ගැටලුව Comment කරන්න.

(මීළඟට මුල්‍ය නොවන වත්කම් තක්සේරුකරණ ක්‍රියාවලිය” පාඩම බලාපොරොත්තු වන්න.)


Comments

  1. Casino Table Games - Las Vegas - MapYRO
    Vegas - The 서산 출장마사지 Las Vegas casino is known for its slots, 강원도 출장안마 poker, and table 문경 출장마사지 games. Casino Table Games. The casino offers table games 충주 출장샵 like blackjack, craps, roulette,  Rating: 3.8 · 경주 출장샵 ‎9,215 votes

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.2 කොටස)

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.4 කොටස)

Helping Hand - අත්වැල පාඩම් අංක 01.1 - වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවලියට අදාළ නීති හා රෙගුලාසි