Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.5 පස්වන කොටස)

 

කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.5 කොටස)

Effective Maintenance of Documents (Part 3.5)

(ලිපිගොනු කළමනාකරණය සහ ලිපිගොනු අපහරණ ක්‍රියාවලිය}

ගොනුකරණ ක්‍රම - Methods of Filing

ගොනු කරණයේ ක්‍රම 05  - 5 Methods of Filing

1.      විෂය / වර්ගය අනුව ගොනු කිරීම

2.      අකාරාදී පිළිවෙලට ගොනු කිරීම

3.      අංක අනුව ගොනු කිරීම

4.      ස්ථාන / භූගෝලීය පිළිවෙලට ගොනු කිරීම

5.      දින / කාල ක්‍රමානුගත පිළිවෙලට ගොනු කිරීම.

ලිපි ගොනුකිරීමේ තවත් ක්‍රමයක් - Other Method of Filing

1.      ඒකාබද්ධ ක්‍රමය

2.      විභාජිත ක්‍රමය (බෙදු ලිපි ගොනු ක්‍රමය)

´  ඒකාබද්ධ ක්‍රමය

 මෙම ක්‍රමයේදී ලිපි සහ සටහන් පත්‍ර සියල්ලම ගොනුවෙහි වම් පසට ගොනු කරනු ලැබේ, මෙහිදී පළමු ලිපිය මුලටද, ඊළඟ ලිපි ඊළඟට ද කියවිය හැකි පරිදි ගොනු කරයි. මෙම ගොනු කිරීම පොතක ආකාරයෙන් කරන බැවින් මෙය පොත් ගොනු ක්‍රමය ලෙසද හඳුන්වයි. මෙම ක්‍රමයෙහි සටහන් ලියනුයේ ලිපියේ ඉඩ ඇති ස්ථානයකයි. ඉඩ ප්‍රමාණවත් නොවේ නම් එයට යාබදව වෙනම කොලයක් අමුණා සටහන් ලියනු ලබයි.

´  විභාජිත ක්‍රමය (බෙදු ලිපි ගොනු ක්‍රමය)

මෙම ක්‍රමයේදී ලිපි, ගොනුවෙහි දකුණු පසත්, සටහන් පත්‍ර ගොනුවෙහි වම් පසත් වෙන වෙනම ගොනු කිරීම සිදු කරයි. මුල් සටහන් පත්‍රයෙහි සටහන් ලියා නිම කල පසු ඊට පිටු පසින් නව සටහන් පත්‍රයක් ගොනු කොට සටහන් ලිවිම කරනු ලැබේ.

ලිපි ගොනුකිරීමේ තවත් ක්‍රමයක් - Other Method of Filing (සාම්ප්‍රදායික ක්‍රමය)

  1. කොන්සර්ටිනා ක්‍රමය
  2. පෙට්ටි ගොනු ක්‍රමය
  3. විවෘත රාක්ක ක්‍රමය

ලිපි ගොනුකිරීමේ තවත් ක්‍රමයක් - Other Method of Filing (නවීන ක්‍රම)

  1. පැතලි ගොනු
  2. සිරස් ගොනු
  3. පාර්ශවිය ගොනු
  4. රැඳවුම් ගොනු
  5. විනිවිද ගොනු
  6. ක්ෂුද්‍ර ගොනු 

(මීළඟට කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය පාඩම යටතේ

"තැපෑල, ලිපි ගනුදෙනු ලියාපදිංචි කිරීම සහ ප්‍රධාන ලිපි ගොනු රෙජිස්ටරය

" පාඩම් කොටස බලාපොරොත්තු වන්න.)

 

Comments

Popular posts from this blog

Helping Hand - අත්වැල පාඩම් අංක 01.1 - වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවලියට අදාළ නීති හා රෙගුලාසි

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.2 කොටස)

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.4 කොටස)