Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (4.1 - කොටස)

 

කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (4.1 කොටස)

Effective Maintenance of Documents (Part 4.1)

(ලිපිගොනු කළමනාකරණය සහ ලිපිගොනු අපහරණ ක්‍රියාවලිය}

තැපෑල, ලිපි ගනුදෙනු ලියාපදිංචි කිරීම සහ ප්‍රධාන ලිපි ගොනු රෙජිස්ටරය

ප්‍රධාන ලිපිගොනු රෙජිස්ටරය

ලිපි ලේඛන ලැබීම් හා යැවීම සටහන් කරන රෙජිස්ටරය

අනුක්‍රමික අංකය

ලිපියේ දිනය

ලිපිය ලද දිනය

පිටු ගණන

ලද ලිපියේ යොමු අංකය

විෂය

ලිපිය ලැබුනේ කාගෙන්ද?

ලිපිය ලියාපදිංචි කර ගොනු කිරීමට යොමු කල නිලධාරී

ලිපිය ගොනු කල ගොනු අංකය 

ලියාපදිංචි කිරීමේ නිලධාරියාගේ අත්සන 

01

2019.01.10

2019.01.13

03

com/01/19

වත්කම්

කොම්ප්රෝලර් ජනරාල්

ගණකාධිකාරී

Acc/05/01

 

 

ප්‍රධාන ලිපිගොනු රෙජිස්ටරය

ලිපි ගොනුවේ අංකය

ගොනු විෂය

ගොනුව විවෘත කල දිනය

තැන්පතු ස්ථානය

ගොනුව ආවෘත කල දිනය

අපහරණ ක්‍රියාමාර්ගය

1/10/05/2010

මාණ්ඩලික නිලධාරීන්ගේ කාර්යසාධන වාර්තා

2010.01.01

රා/2/10

2018.12.31

ලේඛනාගාරයට යවන්න

 

F විෂය භාර ලිපිකරුවන් වෙතම ලිපිගොනු තබා ගන්නේ නම්, ඔවුන් විසින් ප්‍රධාන ලිපිගොනු රෙජිස්ටරයක් තබා ගත යුතුය.

විද්‍යුත් තැපෑල

ලැබෙන රාජකාරි විද්‍යුත් තැපෑල, එහි මුද්‍රිත පිටපතක් ගෙන ලිපි රෙජිස්ටරයේ ලියාපදිංචි කිරීමට යැවිය යුතුය. අනතුරුව එය අදාල රාජකාරි ගොනුවේ තැන්පත් කල යුතුය. දින 02 කට පසු එය ස්මරණයෙන් ඉවත් කල හැකිය. යවන රාජකාරි විද්‍යුත් තැපෑල සම්භන්ධයෙන්ද එපරිදි කටයුතු කල හැක. කඩදාසි රහිත කාර්යාලයක නම් එම ලිපි බාහිර තැන්පතු උපකරණවල තැන්පත් කල යුතුය.

ෆැක්ස් පණිවුඩ

ෆැක්ස් පණිවුඩය රාජකාරි කටයුතු වලට සම්භන්ධ නම් එහි ජයාරූප පිටපතක් ගෙන අදාල ගොනුවේ ගොනුකල යුතුය. මුල් පණිවුඩය වෙනම ගොනුවක බහා මාස 03 කට පසු විනාශ කල හැක. මුල් ලේඛනය තැපැල් නොකරන්නේ නම් එය අදාල රාජකාරි ගොනුවේ ගොනුකර, එම ලිපියට හානි නොවන පරිදි පහත සටහන තබන්න. ඒ සඳහා පහත පරිදි මුද්‍රාවක් සකසා ගැනීම වැදගත්ය.

ප්‍රභවය

යැවු දිනය

විද්‍යුත් තැපෑල

2020.11.15

ෆැක්ස් පණිවුඩය

-

 

 

 


(මීළඟට කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය පාඩම යටතේ

" ලිපිගොනු සුචිගතකරණ ක්‍රමවේදයන්

" පාඩම් කොටස බලාපොරොත්තු වන්න.)



Comments

Popular posts from this blog

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.2 කොටස)

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.4 කොටස)

Helping Hand - අත්වැල පාඩම් අංක 01.1 - වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවලියට අදාළ නීති හා රෙගුලාසි