Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (5 - කොටස)

 

කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (5 කොටස)

Effective Maintenance of Documents (Part 5)

(ලිපිගොනු කළමනාකරණය සහ ලිපිගොනු අපහරණ ක්‍රියාවලිය} 

ලිපිගොනු සුචිගතකරණ ක්‍රමවේදයන්,  චලන පත්‍ර ක්‍රම භාවිතය, මාණ්ඩලික නිලධාරීන්ට ලිපි ඉදිරිපත් කිරීම සහ ලිපි ගොනුවක සටහන් ලිවීම.

ලිපිගොනු සුචිගතකරණය - File Indexing

ගොනු සුචි ගත කිරීම - File Indexing

´  ලිපිගොනු තබා ගන්නෙකු වශයෙන් නිලධාරියෙකුගේ කාර්යක්ෂමතාව රඳා පවතිනුයේ විෂය මාතෘකාව, විෂය අංකය හෝ ගොනු අංකය සදහන් කල විට අදාල ගොනුව ඉක්මනින් සොයා ගැනීමේදී ඔහු දක්වන දක්ෂතාවය මතය.

´  "සුචිගත කිරීම" යනු, ලියකියවිලි පහසුවෙන් සොයා ගැනීමට උපයෝගී කර ගන්නා ක්‍රමවේදයකි.

´  ලිපිගොනු අංක අනුපිළිවෙලට හා  අකාරාදී පිළිවෙලට සුචි පත්‍ර සකස් කල හැක.

´  රෙගුලාසි, චක්‍රලේඛ, පුර්වාදර්ශ විධාන තිබෙන තැන් පහසුවෙන් සොයා ගැනීමට මෙම ක්‍රමය අනුව පුළුවන.

ලිපිගොනු සුචිගතකරණයක් අවශ්‍ය වන්නේ ඇයි?. - Why do we need Indexing a  files ?.

  1. ලිපිගොනු පහසුවෙන් තබා ගැනීමට
  2. ලිපිගොනු සම්භන්ධ පසු විපරම පහසු වීමට
  3. කාලය පිරිමැසීමට

සුචිගතකරණයක ගුණාංග - Qualities of an indexing

  1. සරල වීම
  2. අරපිරිමසුම්දායක වීම
  3. පහසුව
  4. වෙනස්කම් කල හැකි වීම

සුචිගතකරණයේ  පදනම - The basis of indexing

  1. අක්ෂරාදී ක්‍රමය  (A, B, C, D හෝ අ, , , , , ඊ වශයෙන්)
  2. අංකානුකුල පිළිවෙල (01, 02, 03. 04, 05 ආදී ලෙස)
  3. විෂයානුකුල ක්‍රමය (ප්‍රසම්පාදන, මිලදී ගැනීම්, හැඳුනුම් පත්, විශ්‍රාම වැටුප්, පෞද්ගලික ලිපි ගොනු ආදී ලෙස)
  4. කාලානුකුල පිළිවෙල (2015, 2016, 2018 ආදී ලෙස හෝ ජනවාරි, පෙබරවාරි, මාර්තු ආදී ලෙස)
  5. භූගෝලීය වශයෙන්  (ශාඛා පිහිටි ස්ථාන අනුව එනම් ගාල්ල, මාතර, හම්බන්තොට ආදී ලෙස හෝ තොරතුරු රැස් කරන ප්‍රදේශ අනුව)

(මීළඟට කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය පාඩම යටතේ

" ගොනු බැහැරට යැවීම, ලියකියවිලි සොයා ගැනීම හා චලන පත් ක්‍රමය - Movements Sheets

" පාඩම් කොටස බලාපොරොත්තු වන්න.)


Comments

Popular posts from this blog

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.2 කොටස)

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.4 කොටස)

Helping Hand - අත්වැල පාඩම් අංක 01.1 - වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවලියට අදාළ නීති හා රෙගුලාසි