Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (7.1 - කොටස)

 

කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (7.1 කොටස)

Effective Maintenance of Documents (Part 7.1)

(ලිපිගොනු කළමනාකරණය සහ ලිපිගොනු අපහරණ ක්‍රියාවලිය}

ගැටළු විසඳා ගැනීම සඳහා පිළියම් (ලේඛන දිරාපත් වීම වැළැක්වීමට පිළියම්)

1.    ඉතාමත් සුදුසු දේශගුණික තත්වයක් ඇති කිරීම

              i.        කඩදාසි ලේඛන උෂ්ණත්වය 15 - 20 'C

            ii.        සාපේක්ෂ ආර්ද්‍රතාවය 45 - 55%

           iii.        වායු සමනය කිරීම හෝ නිදහස් වාතය සංසරණය වීමට සැලැස්වීම (විදුලි පංකා මගින්) පැය 24 ම වායු සමීකරණය කර තිබේ නම් වඩා සුදුසුය.

           iv.        තාපය අඩු කිරීම

            v.        නැගෙනහිර හා බටහිර දිශාවට කිසිම කවුළුවක් නොතැබීම හෝ ඉතා කුඩා කවුළු තැබීම.

           vi.        සාපේක්ෂ ආර්ද්‍රතාවය පාලනය කිරීම සඳහා ආර්ද්‍රතා පාලන යන්ත්‍ර සවි කිරීම

2.    වාතය පිරිසිදු කිරීම

              i.        වායු පෙරණයක් සවි කිරීම

            ii.        සල්ෆර් ඩයොක්සයිඩ් ඇත්නම් එම ප්‍රමාණය ඝන අඩියකට මයික්‍රෝ ග්‍රෑම් 50 කට වැඩි නොවන ප්‍රමාණයකට අඩු කිරීමෙන්

3.    ආලෝකය පාලනය කිරීම

              i.        බිම් මට්ටමේදී ආලෝකය වර්ග අඩියකට ලුමන 10 කට අඩු නොවිය යුතු අතර, වර්ග අඩියකට ලුමන 50 කට නොවැඩි විය යුතුය.

            ii.        ප්ලෝරසන්ට් ටියුබ් වලට විසාරණයක් සවි කිරීම

           iii.        සුර්යාලෝකය වැළැක්වීම සඳහා සුදුසු තිර භාවිතා කිරීම. (කහ හෝ දුඹුරු පාට තිර වඩා සුදුසුය.)

           iv.        සෑම ජනේලයක්ම අඳුරු කර තිබීම

1.    ගිණි ආවරණය

              i.        ලේඛනාගාරය ගින්නට ඔරොත්තු දෙන ද්‍රව්‍ය වලින් සැකසීම.

            ii.        ලේඛනාගාරය තුල ගිණි නිවන උපකරණ ස්ථාපිත කිරීම හා ඒ සඳහා පහසු ජල සම්බන්ධතා ඇති කිරීම.

           iii.        හදිසි පිටවීමේ දොරටු හා ආරක්‍ෂිත පෙදෙස් නිර්මාණය කිරීම.

           iv.        අනාරක්ෂිත විදුලි පහන්, හීටර භාවිතය, දුම් පානය තහනම් කිරීම.

            v.        හදිසි විදුලි විසන්ධි කිරීම් සඳහා පහසුකම් සලසා තිබීම.

           vi.        කාර්ය මණ්ඩලයට හදිසි ගිණි නිවීමේ ක්‍රියාකාරකම් පිලිබඳ පුහුණුවක් ලබා දීම

5.    කෘමින් ගෙන් ආරක්ෂා කර ගැනීම

              i.        ලේඛනාගාරය නිතිපතා පිරිසිදු කිරීම

            ii.        කෘමින් විනාශ කිරීම සඳහා අනුමත රසායන ද්‍රව්‍ය භාවිතය. මෙහිදී එම රසායන ද්‍රව්‍ය ලේඛනවලට සෘජුව නොදෙන බවට වග බලා ගැනීම.

a)    ඩී ඩී ටී කුඩු ජලයෙන් මිශ්‍ර කර ඉසීම

b)    20% ප්‍රමාණයකට පැඟිරි තෙල් සහ 80% ක කෘමි නාශක වර්ගයක් මිශ්‍ර කර ඉසීම

c)    කෘමීන්ගේ පහරට අසුවූ ලේඛන පැරත්‍රොයිඩ් කෘමිනශකය යොදා ධුමායනය කිරීම

           iii.        කලින් කලට ධුමායනය කිරීම (ඒ සඳහා පුහුණු පාර්ශවයන් යොදා ගත යුතුය.)

6.    ආරක්ෂාව

              i.        සොරකම් වැළැක්වීම සඳහා අවසර ලත් පුද්ගලයනට පමණක් ඇතුල් වීමට ඉඩ දීම.

            ii.        ජනෙල් හා කව්ලු වලට යකඩ ග්‍රිල් ගසා ආවරණය කිරීම.


(මීළඟට කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය පාඩම යටතේ

" ලේඛන ආරක්ෂිතව තැන්පත් කිරීම

"  පාඩම් කොටස බලාපොරොත්තු වන්න.)

Comments

Popular posts from this blog

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.2 කොටස)

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.4 කොටස)

Helping Hand - අත්වැල පාඩම් අංක 01.1 - වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවලියට අදාළ නීති හා රෙගුලාසි