Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (7.2 - කොටස)

 

කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (7.2 කොටස)

Effective Maintenance of Documents (Part 7.2)

(ලිපිගොනු කළමනාකරණය සහ ලිපිගොනු අපහරණ ක්‍රියාවලිය}

ලේඛන තැන්පත් කිරීමේ ක්‍රියාවලිය

ලේඛන ආරක්ෂිතව තැන්පත් කිරීම

  • වානේ රාක්ක වල තැන්පත් කිරීම
  • ලි රාක්ක වල තැන්පත් කිරීම (හැකිනම් කොහොඹ හෝ පුළුල් පත්‍ර සහිත ශාකයක ලි වලින්)

ඇසුරුම් කිරීම

  • ඝන කවර යොදා බැඳ ඇති වෙළුම් සිරස් අතට තන්පත් කිරීම
  • ප්‍රමාණයෙන් විශාල වෙළුම් තිරස් අතට තැන්පත් කිරීම
  • පෙට්ටිවල හෝ පාර්සල් වල ඇසිරීම
  • එම අසුරන වල ඇති ද්‍රව්‍ය පීඩනය පීඩනය රඳවා ගැනීමට හැකිවන පරිදි භාවිත කිරීමට හැකි ලෙස ශක්තිමත් වීම.
  • තනි තනිව ඇති කොළ පැතලිව සිටින ලෙස පෙට්ටියක ඇසිරිය යුතුවේ.
  • ප්‍රමාණයෙන් විශාල ලේඛන, සිතියම්, ප්ලැන් සහ අඳින ලද චිත්‍ර අදාල කබඩ් වල දමා පැතලිව සිටින සේ තැන්පත් කිරීම.

F වසරකට වරක්වත් රාක්ක වලින් ලේඛන පිටතට ගෙන පිරිසිදු කර නැවත තැන්පත් කිරීම ලේඛන ආරක්ෂාවට ඉතා වැදගත්ය.

අසුරන පෙට්ටියක් සකසා ගැනීම

  1. වානේ ලිපිගොනු පෙට්ටි

                      i.        ගිනි ගැනීම් වලට ඔරොත්තු දේ.

                    ii.        එහෙත් පැරන්හයිට් 300 (සෙන්ට්‍රිග්‍රේටේ 162) ලේඛන ගිනිබත් කරයි.

                   iii.        දුලි හා මුසිකයන් ගෙන් ලේඛන ආරක්ෂා කරයි.

  1. ෆයිබර් කඩදාසි යොදාගත් පෙට්ටි (ප්‍රතිචක්‍රිත කඩදාසි යොදාගත් පෙට්ටි)

                      i.        පෙට්ටිය බාල වර්ගයේ බැවින් ලේඛන පෙට්ටිය සමඟම විනාශ කල හැක.

                    ii.        රහස් ලේඛන මෙම පෙට්ටි තුල තැන්පත් නොකළ යුතුය.

  1. අසුරන පෙට්ටි සැකසීමේ ප්‍රමිත

                      i.        දිග හා පළල - 12" x 15"

                    ii.        ගැඹුර 10"

                   iii.        දැරිය හැකි බර  20kg

                   iv.        පෙට්ටියේ ධාරිතාවය ඝන අඩි 01

                    v.        වසන පියන් 1 1/2" x 3"

රාක්ක හා තට්ටු අංක යෙදීම

      i.        තනි පැති රාක්ක පේලි සඳහා  - 05/06/55 (පස් වැනි රාක්ක පේලියේ හය වැනි රාක්ක තට්ටුවේ 55 වැනි රාක්ක අවකාශය)

    ii.         දෙපැති රාක්ක පේලි සඳහා - 5 A , 5 B වශයෙන් රාක්ක අංක යෙදිය හැක 


(මීළඟට කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය පාඩම යටතේ

" ලේඛන/ ගොනු සංරක්ෂණය සඳහා පැවරීමේ ක්‍රියාවලිය"  

පාඩම් කොටස බලාපොරොත්තු වන්න.)

Comments

Popular posts from this blog

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.2 කොටස)

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.4 කොටස)

Helping Hand - අත්වැල පාඩම් අංක 01.1 - වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවලියට අදාළ නීති හා රෙගුලාසි