Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (8 -2 කොටස)

 

කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (8.2 කොටස)

Effective Maintenance of Documents (Part 8.2)  

(ලිපිගොනු කළමනාකරණය සහ ලිපිගොනු අපහරණ ක්‍රියාවලිය}

ලේඛනාගාරයකින් ලේඛන/ගොනුවල ඇතුලත් තොරතුරු ඉල්ලා ගැනීම හෝ

ලේඛන/ගොනු ආපසු ඉල්ලා ගැනීම

ලේඛනාගාරයක සාර්ථකත්වය රඳා පවතිනේ එහි තැන්පත් කරනු ලබන ලේඛන/ගොනුවලින් තොරතුරු පහසුවෙන් හා ඉක්මනින් ලබා ගැනීම මතය. ලේඛන පවරා දෙනු ලබන බලධාරීන්ට ඒවා පරිශීලනය සඳහා ආපසු ගෙන්වා ගැනීමට අයිතිය ඇති අතර, ඒවා ආපසු ගෙන්වා ගැනීමේ වගකීම ලේඛනාගාර පාලකයින්ට ඇත.

තොරතුරු හා ලේඛන/ගොනු ලබා දීමේ ක්‍රියාපටිපාටිය

  1. තොරතුරු හා ලේඛන/ගොනු නිකුත් කල යුත්තේ ඒවා නිර්මිත ආයතනයේ අනුමැතියෙන් පමණි.
  2. ලේඛනාගාර පාලක විසින් ලේඛන/ගොනු ඉල්ලුම් පතක් සකසා අදාල කාර්යාලය/අංශය වෙත නිකුත් කිරීම ප්‍රථම අධියර වේ.

ලේඛන/ගොනු ඉල්ලුම් පත්‍රය

පෙට්ටි අංකය :

තැන්පතු ස්ථානය

කාර්යාලයේ/අංශයේ නම :

කාර්යාලයේ/අංශයේ සංකේත අංකය :

අවශ්‍ය ලේඛනය /ගොනුවේ විෂය නාමය :

 

නිකුත් කල දිනය :

 

නිකුත් කල නිලධාරියාගේ නම :

 

අත්සන :

 

ලබාගත් නිලධාරියාගේ අත්සන :

 

සිහි කැඳවීම් කල දිනය :

 

නැවත ලබා දුන් දිනය :

ලබා ගත් අයගේ අත්සන :

F ලේඛන/ගොනු ලබා ගැනීමට අවශ්‍ය වූ විට මෙම ඉල්ලුම් පත්‍රය පිටපත් 03 කින් පුරවා ඉදිරිපත් කල යුතුය.

 

ලේඛන/ගොනු සිහි කැඳවීමේ පත්‍රය

ලේඛන පැවරු කාර්යාලයේ සංකේත අංකය :

දිනය :

ලේඛන පැවරු කාර්යාලයේ නම :

ලේඛන පැවරු නිලධාරී :

ලිපිනය :

අංකය :

මහත්මාණනි/මහත්මියනි/මෙනවියනි.
       
කාර්යාලයේ/අංශයේ ලිපි ලේඛන අනුව, ඔබ වෙත .............. දින නිකුත් කල ලේඛන තවමත් අප වෙත ලැබී නැත. එම ලේඛනවල විස්තර පහත දැක්වේ.
        
කරුණාකර එම ලේඛන ඉක්මනින් අප වෙත එවීමට හෝ නිකුත් කල කාලය දීර්ඝ කිරීමට හෝ ලේඛනාගාරය අමතන්න. ලේඛන තව දුරටත් තබා ගන්නා කාලය දීර්ඝ කිරීමට ඔබට අවශ්‍ය නම් එම ලේඛන දැනට තැන්පත් කර ඇති ස්ථානය දන්වන්න.

අත්සන
ලේඛනාගාර පාලක

ලේඛන/ගොනු අංකය

ගොනු විෂය

නිකුත් කල දිනය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  1. ලේඛන/ගොනු බැහැරට නිකුත් කල විට ඒවා තිබු ස්ථාන වලට පුහු ගොනුවක් තැබිය යුතුය. මෙම පුහු ගොනුව තුල ඉල්ලුම් පතෙහි 03 වන පිටපත තැබිය යුතුය.
  2. සෑම නිකුත් කිරීමක් පිළිබඳව අනුපිළිවෙලින් රෙජිස්ටරයක විස්තර ඇතුලත් කල යුතුය.
  3. ලේඛන/ගොනු ඉල්ලුම් පත්‍රය සම්බන්ධයෙන් කටයුතු කල යුතු ආකාරය.

                                            i.            පළමු පිටපත - ලේඛනාගාර පොදු ඉල්ලුම් පත් ගොනුවට

                                  ii.            දෙවන පිටපත - ලේඛනය /ගොනුව ඉල්ලු කාර්යාලයට/අංශයට ලේඛන/ගොනුව සමඟ යැවිය යුතුය.

                                        iii.            තෙවන පිටපත - පුහු ගොනුවට

  1. පිටතට නිකුත් කරන ලේඛනයේ /ගොනුවේ පිට කවරයේ පහත සඳහන් මුද්‍රාව තබන්න.

 

ලේඛනාගාරයේ නම :

ලිපිනය :

දුරකථන අංකය :

ලේඛනාගාරයෙන් තාවකාලිකව දුන් ලේඛනය /ගොනුව කරුණාකර හැකි ඉක්මනින් නැවත ලබා දෙන්න

පෙට්ටි අංකය :

තැන්පතු ස්ථානය :

 

  1. සතියකට වරක් නිකුත් කල .ලේඛන/ගොනු මොනවාද? ඒවා ආපසු ලැබුනේද? යන්න පරීක්ෂා කරන්න.
  2. මසක් තුල ඒවා එවා නැත්නම් ඉහත සිහි කැඳවීමේ ලිපිය යවන්න. දෙවැනි මාසය තුලද නොලැබුණේ නම් දෙවැනි සිහි කැඳවුම ද, තෙමසකට පසු අවසාන සිහි කැඳවීම ද, යැවිය යුතුය.
  3. බැහැරට නිකුත් කල ලේඛන/ගොනු ආපසු ලැබුණු විට පුහු ගොනුව රක්කයෙන් ඉවත් කොට මුල් ලේඛන/ගොනු එම ස්ථානයේ තබා පුහු ගොනුවේ තබා තිබු ඉල්ලුම් පත ආපසු ඉල්ලුම් කල ආයතනය වෙත යැවිය යුතුය.
  4. නිකුත් කරන රෙජිස්ටරයේ එම නිකුත් කිරීම පිලිබඳ සටහනද අවලංගු කල යුතුය.\

 (මීළඟට කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය පාඩම යටතේ

" ලේඛන සමීක්ෂණය සහ අපහරණය සඳහා ඇගයීමේ ක්‍රියාවලිය"  

පාඩම් කොටස බලාපොරොත්තු වන්න.)

 

 

Comments

Popular posts from this blog

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.2 කොටස)

Helping Hand අත්වැල - කාර්යක්‍ෂම ලේඛණ කළමනාකරණය (3.3.4 කොටස)

Helping Hand - අත්වැල පාඩම් අංක 01.1 - වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ ක්‍රියාවලියට අදාළ නීති හා රෙගුලාසි