Helping Hand අත්වැල - අංක 01.7 - භාණ්ඩ සමීක්ෂණයට පෙර සිදු කලයුතු පුර්ව සුදානම
Helping Hand (Sri Lanka Accountant Service) By Upali Rajapaksa අත්වැල - පාඩම අංක 01.7 වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයෙහි සභාපති සහ සමීක්ෂණයට භාජනය වන ආයතනයේ ගබඩා නිලධාරීන් හා ගබඩා භාරකරුවන් විසින් සමීක්ෂණයට පෙර සිදු කලයුතු පුර්ව සුදානම ආයතනයේ ගබඩා නිලධාරීන් හා ගබඩා භාරකරුවන් විසින් සමීක්ෂණයට පෙර සිදු කලයුතු කාර්යයන් 1. ප්‍රවර්තන වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට පෙර එදින දක්වා කල සියලු මිලදී ගැනීම් අදාල ලියවිලි අනුසාරයෙන් පොත් වලට ගෙන ඇති බවට තහවුරු කර ගැනීම . 2. ප්‍රවර්තන වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට පෙර එදින දක්වා කල සියලු නිකුත් කිරීම් අදාල ලියවිලි අනුසාරයෙන් පොත් වලට ගෙන ඇති බවට තහවුරු කර ගැනීම . 3. වර්ෂය තුල භාවිතා කල ලැබීම් නියෝග හා නිකුත් කිරීමේ නියෝග වල සඳහන් භාණ්ඩ නිසිපරිදි අදාල ගබඩා පොත් පත් වලට ගෙන ඇති බවට පරීක්ෂා කර තහවුරු කර ගැනීම . 4. වර්ෂය තුල ආයතනයට පරිත්‍යාග වශයෙන් ලද සියලුම භාණ්ඩ නිසි පරිදි අදාල ගබඩා පොත් පත් වලට ගෙන ඇති බවට පරීක්ෂා කර තහව...